හු*තෝ..... යන්නේ කොහෙද කියලා කියලා පලයන්....
මන් කෑගැහුවේ තිසෙන්ගේ පස්සෙන් දුවන ගමන්.
සචින් අයියාව හම්බෙන්න... එයා තව ඩියුටි ඉවර වෙලා නැතුව ඇති. ඉක්මනට යමු.
අපිත් ඉතින් හැල්මේ දුවන් යද්දි ප්‍රිෆෙක්ට් අයියෙක් හම්බුනා.
අයියේ.... සචින් අයියා කොහෙද ??
ආහ්... සයුරුත් එක්ක ප්‍රිෆෙක්ට් රූම් එකට යනවා දැක්කා.
අපි එතනට යද්දි සචින් අයියායි සයුරු අයියායි හිටියා.
සචින් අයියේ.......
දෙන්නාම අපිව දැකලා හැරිලා බැලුවා.
මොකෝ බන් මේ?? හති දාගෙන ??
සයුරු අයියා ඇහුවේ අපි තුන්දෙනා දිහාම බලන ගමන්.
මලින්දිව රට යවනවාද?
තිසෙන් ඇහුවහම සචින් අයියායි සයුරු අයියායි මූනෙන් මූන බලාගත්තා.
කොහොමද දන්නේ ??
තිසෙන් සචින් අයියාට ලියුම පෙන්නුවා. ලියුම කියවපු සචින් අයියාගෙත් ඇස්වල කදුලු පිරුනේ අපි බලන් ඉද්දිම.
අනේ ඒ කෙල්ල පව් අයියේ... එයාගේ ජීවිතේම දුක් විදින්න වෙයි.
මටත් කරන්න දෙයක් හිතාගන්න බෑ බන්. පව් අපේ නංගී. තාත්තාලාගේ කරුම ඔක්කොම යන්නේ ඒකිගේ පිටින්.
ඇයි ඒ මුකුත් කරන්න බැරි?? අපි මොනවහරි කරලා මලින්දිව තියාගමු....
මාත් මුට කිව්වා. ඒත් මුන්ගේ තාත්තාලා එක්ක මුකුත් කරන එක අමාරුයි.
සයුරු අයියා කිව්වා.
තිසෙන් ටිකක් වෙලා කල්පනා කරා.
මලින්දිව එලියට ගන්න විදිහක්ම නැද්ද??
එලියට ආවත් ගාඩ් කෙනෙක් එක්ක විතරයි එවන්නේ. ඒත් මොනවහරි කියලා මට එක්කන් ආවහැකි.
එහෙනම් අයියා එයාව එක්කන් එන්න. අපි මලින්දිව හන්ගමු. හරියට මිගාරයා එයාව පැහැරගෙන හිටියා වගේම .
තිසෙන් කිව්ව පාර අපි ඔක්කොම එයා දිහා බැලුවා.
කොහෙ හන්ගන්නද මල්ලී?? අපේ තාත්තාලට හොරෙන්??අනික අපේ තාත්තාල ලෝකේ පීරලා හරි නංගිව හොයාගනී.
YOU ARE READING
My Dearest Neighbour
Genç Kurguමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...