15 කොටස

557 63 3
                                    

ඇත්තටම ඇදක් උඩට වෙලා මෙහෙම දවසම ඉන්න එක හරි අමාරු වැඩක්. මට එපා වෙලා හිටියේ. අපේ අම්මා මට ඇදෙන් බහින්නවත් දුන්නේ නෑ. මන් අම්මාට මගේ අත තුවාල වෙලා තියෙන්නෙ කකුල නෙවෙයි කියලා තේරුන් කරලා දුන්නත් තුවලාත් කරන් කට ගහන් එන්න එපා කියලා බැන්න නිසා කට වහන් හිටියා. හවස තිසෙන් එනකන් මන් මග බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතුව.

තිසෙන් ආවේ හවස 4ට විතර. හැබැයි තනියමනම් නෙවෙයි. මගේ පරම මිතුරා සෙහස් එක්ක.

අනේ... මගේ සුදු මහත්තයෝ..... උබට මොකක්ද මේ වුනේ?? මගේ පපුව වාවන්නේ නෑ දෙයියනේ... උබට අමාරුයිද බන්??

සෙහස් එහෙම කියලා මට අමාරු අතේම එල්ලුනා.

ආව්... හු*තෝ... අත ඇරපන්.... ඔය අතේ තමා තුවාලේ...
මන් කෑ ගැහුවා.

අනේ ගැත්තාට අනුකම්පා කරන්න මගේ රත්තරනේ....

මේ සෙහස් අහකට පලයන්....

තිසෙන් එහෙම කියලා සෙහස්ව තල්ලු කරලා පුටුවක් දුන්නා ඉදගන්න කියලා. ඊටපස්සේ තිසෙන් මගේ ඇදෙන් වාඩි වුනා. මේක private hospital එකක්. ඒක හින්දා ඕනෙ වෙලාවක බලන්න ආවහැකි. ඕනෙතරම් වෙලා හිටියහැකි. අද ඉස්කෝලෙ ඉවර වෙලා අපේ කෝචුයි තව ටීම් එකේ කොල්ලෝ දෙතුන් දෙනෙකුයි ආවා මාව බලලා යන්න. ඊයේ රෑම අම්මා ඉදලා දවල් ගියේ කුමාරි ඇන්ටිව මන් ගාව තියලා. තිසෙන්ලා ආවට පස්සේ කුමාරි ඇන්ටි රෑටත් කන්න කෑම තියලා ගෙදර ගියා.

අඩෝ... උබට කියන්න අද මුලු ඉස්කෝලෙම අය කතා වුනේ උබ ගැන. අපිට පට්ට ආඩම්බරයි බන්..
සෙහස් කිව්වා.

මන් හිනා වුනා.

මිස් වුන නෝට්ස් අපි දෙන්නා ලියලා දෙන්නම්...
තිසෙන් කිව්වා.

ඔව්... ඒවා බය වෙන්න එපා. උබ ඉක්මනට සනීප වෙලා ඉස්කෝලෙ වරෙන්කො. පාලුයි බන් උබ නැතුව.

අපි tv එක දාගෙන tv බැලුවා. තිසෙනුයි සෙහසුයි මාරුවෙන් මාරුවට ඉස්කෝලෙ වෙච්ච දේවල් මට කිව්වා.

මට ඔයාලා දෙන්නටම කියන්න දෙයක් තියෙනවා. මන් තිසෙන්ට කියන්න තියෙනවා කිව්වේ ඒක... සෙහසුත් ඉන්න එකේ දෙන්නටම කියන්නම්.

My Dearest Neighbour Where stories live. Discover now