28 කොටස

486 47 3
                                    

නෑ මන් කියන්නේ මේකිට තිබ්බනේ අඩේ පොලීසියට කතා කරන්න... හා නැද්ද??

සෙහස් මේ කියන්නේ පොලීසියේ ඉදන්. අපි දෙන්නා සෙහස්ටත් කතා කලා. කොල්ලා තාත්තාට විස්තරේ කියලා අපි පොලීසියට එද්දී ඇවිත් තිබ්බා. අපි ආවේ අපේ තාත්තා එක්ක.

අනේ ඉදහන්කෝ කට වහන්.... කොහොමහරි වැඩේ වුනානේ..

තිසෙන් කෑ ගැහුවා.

නෑ නෑ බන් ඒකිට මෙයාව තමා මුලින්ම මතක් වෙලා තියෙන්නේ..... පොලීසියට වඩා මට මගේ තිසෙන්ව විශ්වාසයි...

මන් කිව්වේ මලින්දි වගේ කටහඩත් වෙනස් කරලා.

දේව්.... නවත්තගන්න්වද ඕක??

එතකොටම සයුරු අයියායි සචින් අයියායිත් ආවා. එයාලා ඇවිත් තිබ්බේ සචින් අයියාගේ අම්මා එක්ක. දයානන්ද ඇමතියාවනම් ටීවි එකෙන් දැකලා තියෙනවා. ඒත් මලින්දිගේ අම්මාව දකින පලවෙනිම පාර. එයා තනිකරම මලින්දිමයි. ඒ ඇන්ටි කාර් එකෙන් බැස්සෙම අඩාගෙන.

අනේ මගේ ලමයා.........

අම්මා ඉන්නකෝ පොඩ්ඩක් අඩන්නේ නැතුව.

සචින් අයියා කිව්වා.

මල්ලී.... මොකෝ වුනේ??

සයුරු අයියා ඇහුවේ අපි ගාවට ඇවිදන් එන ගමන්.

අපි ඔක්කොම විස්තරේ කිව්වා අයියේ......මලින්දි කතා කරපු නම්බර් එක ට්‍රැක් කරලා ඉන්න තැන හොයාගෙන පොලීසියෙන් යන්නම් කිව්වා. අපිට ඕනේනම් ගෙදර යන්න කියලා කිව්වා. ආයේ හෙට උදේ එන්න කියලා.

අනේ මල්ලී නංගිට කරදරයක් නෑ නේද??

සචින් අයියා ඇහුවේ තිසෙන්ගෙ අතකින් අල්ලගෙන.

නෑ අයියේ.... මලින්දි හොදට කතා කලා. බය වෙන්න එපා..
පොලීසිය එයාව හොයාගනී.

එයා හොදින් නේද පුතේ???

මලින්දිගේ අම්මාත් අපි ගාවට ආවේ එහෙම අහගෙන.

ඔව්.... කරදරයක් නෑ කිව්වා. කවුද පැහැරගත්තෙ කියන්න දන්නේ නෑ කිව්වා. එතන ඉන්න කෙනෙක් නිදි අතරේ එයාගේ ෆෝන් එකෙන් තමා කතා කරේ...

කාලකන්නි... මගේ දරුවට මොනවහරි කරලා තිබ්බොත් මන් ඔය එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ...

My Dearest Neighbour Where stories live. Discover now