හොස්පිට්ල් එකේ ඉදන් ආවට පස්සේ මේ ඉස්කෝලෙ යනවමයි. අද තිසෙන්ලගේ තාත්තා අපි දෙන්නාව ඉස්කෝලෙට ඇරලුවා.
ගේට් එක ගාව ඉදන් පන්තියට යනකන්ම මගේ බෑග් එක අරන් ගියේ තිසෙන්. මග දිගට හම්බෙන ලමයින්ගේ සුබ පැතුම් මධ්‍යයේ පන්තියට යද්දී මාව පිලිගන්න බලන් හිටියේ මගේ මැන්ගෝ ප්‍රෙඩා සෙහස්.
අඩෝ.......අපේ වීරයා ආවා.....
සෙහස් කෑ ගහගෙන දුවගෙන ඇව්ත් මගේ කරේ එල්ලෙද්දි මට තරු පෙනුනා.
හු*තෝ... අත රිදෙනවා පගෝ.....බැහැපන් බිමට...
මන් කෑ ගැහුවා නෙවෙයි මට කෑ ගැහුනා.
සමාවෙන්න... සමාවෙන්න....
සෙහස් තිසෙන්ගෙන් මගේ බෑග් එක අරගෙන පුටුවෙන් එල්ලුවා.
උදේ ඉදන් එක දිගටම ඉගැන්නුවා. මේ ටිකේම මුකුත්ම නොකර ඉදලා වැඩ කරද්දී පිස්සු වගේ. ඒ අස්සේ තාමත් උරහිස කැක්කුම් අල්ලනවා. Interval එක වෙද්දී මන් හිටියේ පුදුම අමාරුවෙන්.
ඒ.... අමාරුද?? උරහිස රිදෙනවාද??
තිසෙන් ඇහුවේ මගේ උරහිස අත ගාන ගමන්. මන් තිසෙන් දිහා බැලුවා.
ඔව් ඕයි.... රිදෙනවා හු*ත.....
ලියන්න බැරිනම් ලියන්නේ නැතුව නිකන් අහන් ඉදපන්. මන් ගෙදර ගිහින් ලියලා දෙන්නම්...
නෑ එපා බන්.... උබලා දෙන්නා මේ දවස් ටිකෙත් මගේ ඔක්කොම නෝට් ලිව්වා. මන් කොහොමහරි ලියාගන්නම්. ඔන්න ඔය මගේ බත් එක අරන් දියන්... බඩගිනී....
Interval එක ඉවර වෙලා ඊලගට history පීරියඩ් එක පටන් ගද්දී මන් හිටියේ අම්මටසිරි වෙන්න නිදිමතක. ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තොත් ඇත්ත වශයෙන්ම නින්ද යන හින්දා මන් අමාරුවෙන් ඔලුවේ අත ගහගෙන හිටියා.
Excuse me madam.....
කවුරුහරි එහෙම කියද්දි මට ගැස්සිලා කෙලින් වුනා.
මැඩම් දෙව්මිත් මල්ලීව හම්බෙන්න පුලුවන්ද??
ඇවිල්ලා තිබ්බේ අයියෙක්. නමක් ගමක් නම් දන්නේ නෑ. හැබැයි ඉස්කෝලෙ මනුස්සයෙක්. මූ මොකටද මාව හොයන් ඇවිත් තියෙන්නේ. සාධාරණ බයකුයි සැකේකුයි ඇතිවෙලා තියෙද්දි මන් නැගිට්ටා.
YOU ARE READING
My Dearest Neighbour
Teen Fictionමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...