අපි තුන්දෙනාම හිටියේ පොලීසියේ හිර කූඩුව ගාව බංකුවේ වාඩි වෙලා. මේ මන් පොලීසියට ආව පලවෙනි වතාව. අර ගොන් ගෑනු දෙන්නා කරන්න පුලුවන් හොදම විකල්පය විදිහට අපි ගහගන්න එක නවත්වන්න කරලා තිබ්බේ 119 ගහපු එක. මලින්දි අපි ගහගෙන ඉවර වෙනකන්ම අඩපු එක විතරයි කලේ. ගෑනුන්ගේ මොලේ හැදි මිටේ කිව්වට ඊටත් වැඩිය කොටයි කියලා මන් තේරුන් ගත්තා. ඒකෙන් මේකෙන් වුනේ අපි ඔක්කොමලව පොලීසියට ගෙනාපු එක. අනික අපි තුන්දෙනා යුනිෆෝම් පිටින්. බඩු සුපිරි...
මගේ කම්මුල ඉදිමිලා. තිසෙන්ගේ තොලට හොද පාරක් වැදිලා තුවලා වෙලා ලේ එනවා. සෙහස්ගේ අත තුවාල වෙලා. සචින් අයියාවනම් කලින්ම ගෙදර යැව්වා. මලින්දිත් එක්කම...අපිට වගේ නෙවෙයි එයාලට ඇමති පවර්ස් තියෙනවානේ. අපි තුන්දෙනාගේ ගෙවල් වලට කතා කරලා ගෙවල් වලින් එනකන් අපිව යවන්නේ නෑ කිව්වා.
අපේ තාත්තාල ආවට පස්සේ තත්වය අතිශය දරුනු වෙනවා කියලා අපි දැනගෙන හිටියා. සෙහස්නම් හොදටම බය වෙලා හිටියේ. තිසෙන්ටත් බැන බැන.
බලපන්... දැන් ඉවරයිනේ ඔක්කොමලම. උබගේ කෙහෙල්මල් වලට අහු වෙලා දැන් හරිනේ අමාරුව. පොලීසි ගානේ එන්න විතරයි බැරි වුනේ. දැන් ඒකත් හරි. අද මාව සීයා මරයි....
මන් ඌ කියන හැමදේම අහගෙන බිම් බලාගෙන හිටියා. මන් එක වචනයක්වත් කතා කරේ නෑ. ඇත්තටම මන් සෑහෙන්නම අවුලෙන් හිටියේ.
තිසෙනුත් එහෙමයි. ඌත් කියන ඒවා අහගෙන බිම් බලාගෙන හිටියා. ඌ ඉන්නේ ඔක්කොටම වඩා පීඩනේකින් කියන්න මට තේරෙනවා.
ටිකකින් තාත්තාලා ආවහම පොලීසියේ මිනිස්සු එක දෙක කරලා අපි ඇමති පුතාලට ගහලා ඒ මිනිස්සු අත අරින්නේ නැතිවෙයි කිය කිය අපේ ගෙවල් වල අයව හොදටම බය කරා. ඒකෙන් මේකෙන් වුනේ වැඩේ උපරිමයෙන්න දරුනු වුන එක.
සෙහස්ලගේ සීයා පොලීසිය මැද්දේම සෙහස්ගේ කනට පාරක් දුන්නා.
උබට ඔච්චරයි බැරි වුනේ.... පවුලේ නම්බුව කාලා කාලා දැන් කන්න පුලුවන් උපරිම විදිහටත් කෑවා. අපේ පරම්පරාවේ එකෙක් පොලිසී ගානේ ඇවිත් නෑ. මෙකානම් කරුමෙකට ඉපදුන එකෙක්...

YOU ARE READING
My Dearest Neighbour
Teen Fictionමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...