24 කොටස

721 76 2
                                    

අවුලක් වෙන්නේ නැතිවෙයිද බන්??

තිසෙන් මේ අහන්නේ කීවෙනි පාරටද මන්දා. අපි පාර දිගේ ටෝච් එකකුත් පත්තු කරන් මහ රෑ හන්දියට යන ගමන් ඉන්නේ.

නෑ... නෑ... අන්කල් ඇහැරුනොත් තමා කේස් එක..

නෑ ඒත් අපි ඇතුලෙන් කාමරේ දොර වහලානේ ආවේ... නිදි කියලා හිතයි...

ඇත්තමයි මේ ගෑනුන්ටනම් පිස්සුද මන්දා... මේකිටත් මහ රෑම එන්න ඕනේ වුනානේ...

සෙහස් කිව්වේ බැන බැන.

එක අතකට ඒකි පව් බන්.... ඇඩිලා වගේ කතා කරේ...

මටනම් බයත් එක්ක වගේ බන්... ඒකි නිකන් මැරෙන්න ඔන්න මෙන්න වගේනේ කතා කලේ...

ඔව් ඕයි සිරාවටම.... මටත් හිතුනා. මොනවහරි ලොකු දෙයක් වෙලා වගේ...

අපිට ආයේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි නේද?? මට බයයි උබලත් මේකට එක්කන් ආව එක... කලින් වෙච්ච දේවල් මතකයිනේ....

තිසෙන් කිව්වේ අපි දෙන්නා දිහාම බලන ගමන්.

අනේ මේ..... කටවහගෙන යමන්... උබ මේ රෑ තිස්සේ තනියම ගෑනු බලන්න යන්නද??

සෙහස් කිව්වා.

ඔව් ඔව්... මූත් හෙන ආස ඇතිනේ මහ රෑ මලින්දිව බලන්න යන්න...

මන් එහෙම කිව්ව පාරනම් තිසෙන්ට තද වුනා. සිරාවටම නිකන්ම මට එහෙම කියවුනා. පරන ඇරියස් හිතේ තියේනේ.

අනේ දේව් මේ... මට ඒකිගේ මුකුත් බලන්න ඕනේ නෑ... ඒකි කරදරේක ඉන්නේ.... ඒක හින්දා මාත් යන්නේ..

මන් මුකුත් නොකියා අහක බලාගත්තා. අපි හන්දියට එද්දී හන්දියේ මොකෙක්වත් නෑ. අපි එනවා දැකලා බල්ලෙක්නම් බුරාගෙන ආවා. එච්චරයි.

කෝ බන් මේකි??

සෙහස් ඇහුවේ වට පිට බල බල.

තව නෑ වගේ.... ටිකක් බලමුකෝ....

අපි තුන්දෙනාම හන්දියේ කඩේට එහායින් තියෙන බංකුවේ වාඩි වුනා. තත්පර ගනන් විනාඩි ගනන් ගතවෙලා ගියා. ඒත් මලින්දිගේ සේයාවක්වත් නෑ.

මේ... තව නෑනේ බන්....

කෝල් එකක්වත් ගනින්කෝ....

My Dearest Neighbour Where stories live. Discover now