31 කොටස

544 50 6
                                    

මල්ලී.... ඇහැරෙනවා....තිසෙන් මල්ලීට සිහිය ඇවිත්.....

මන් හිටියේ icu එක ඉස්සරහ පුටුවේ බාගෙට නිදාගෙන. අපේ අක්කා කෑ ගහපු පාරට මට ගැස්සිලා ඇහැරුනා.මේ ටිකේම මට හරියට නින්දක් තිබ්බේ නෑ. මගේ ටිකට් කැපුවත් තිසෙන්ට තව සිහියවත් ඇවිත් තිබ්බේ නෑ. මන් කොහොමද ඉතින් ගෙදරට වෙලා ඉන්නේ.... ඒක හින්දා මේ දවස් ටිකේම මන් හිටියෙත් හොස්පිට්ල් එකේ.

අනිත් කෙනා තිසෙන්ගේ තාත්තා. ඒ අන්කලුත් මේ ටිකේම හරියට කෑමක්වත් කෑවේ නෑ. icu එක ඉස්සරහට වෙලා බලාගත්ත අත බලාගෙන ඉන්නවා.

අපේ යාලුවොත් පුලුවන් හැම වෙලේම ඇවිල්ලා බලලා කරලා ගියා. විශේෂයෙන්ම මලින්දි. මලින්දිත් වැඩි හරියක් හිටියේ ඉස්පිරිතාලෙමයි.

අක්කා තිසෙන්ට සිහිය ඇවිත් කියලා කියපු පාරටම මන් දුවගෙන යන්න හදද්දී අක්කා මගේ අතක් අල්ලන් නැවැත්තුවා.

මල්ලී.... ඒ ලමයව කලබල කරන්න එපා... සිහිය ආපු ගමන් අහලා තියෙන්නේ ඔයා ගැන...

අක්කා එහෙම කියද්දි මගේ ඇස් වල කදුලු පිරුනා. මන් අක්කා දිහා බලලා ඔලුව වනලා ඇතුළට ගියා. එතකොටත් තිසෙන්ගේ තාත්තා තිසෙන් ගාව වාඩි වෙලා ඉන්නවා.

මන් එනවා දැකලා අන්කල් නැගිට්ටා. මන් හිමින් හිමින් තිසෙන් ගාවට කිට්ටු වුනා.

ඒ ඇස්වල හරිම වේදනාකාරී විදිහට කදුලු පිරිලා. ඔලුවට බැන්ඩේජ් එකක් දාලා. බෙල්ලට කොලර් එකකුත් දාලා. එයා අමාරුවෙන් ඔලුව හරවලා මන් දිහා බලන්න හැදුවා. ඒත් එතකොට කටින් ආව් කියලා පිටවෙනවා ඇහෙද්දි මට ඉකිගැහිලම ඇඩුනා.දෙයියනේ මට ඕනේ නෑ මගේ කොල්ලව මෙහෙම දකින්න.... කොහෙත්ම ඕනේ නෑ....

අනේ තිසෙන්...... මට..... මට සමාවෙන්න..... මට බැරිවුනා ඔයාව බේරගන්න....

මන් කෑ ගහලම ඇඩුවා. ඒත් තිසෙන් මගේ අතින් අල්ලගත්තා.

දේව්.... ඔයා හොදින් නේද??

මන් තිසෙන් දිහා බැලුවා. මේ මනුස්සයාට ඇත්තටම පිස්සුද?? මෙච්චර දෙයක් එයාට වෙලා තියෙද්දීත් තව මන් ගැන අහන්නේ....

මන් හොදින්.... ඒත් ඔයා....

ෂ්ෂ්ෂ්..... ඔයා හොදින්නම් මට මොනවා වුනත් කමක් නෑ.....

My Dearest Neighbour Where stories live. Discover now