හොල්මන් සීන් එක ගැන විස්තරේ මන් මල්ලීටයි සෙහස්ටයි කිව්වා. උන් දෙන්නාටත් මරු තද උනා. හැබැයි මන් කිව්වා වගේම උන් දෙන්නා තිසෙන් එක්ක පැටලෙන්න ගියේ නෑ. රෑ වැටුනු වලේ දවල් වැටෙන්න ඕනේ නෑනේ.
වාරෙත් ඉවර වෙන්න යනවා. මේ දවල්වල ලමයි වැඩිය ඉස්කෝලෙ එන්නෙත් නෑ term test වලට පාඩම් කරනවා. ඒත් මම.... පාඩම් කරන්නෙත් නෑ. ඉස්කෝලෙ එන්නෙත් නෑ. Practice තියෙන දවස් වලට විතරක් ඉස්කෝලෙ යනවා. එච්චරයි...
මේ දවස්වල තිසෙන්ගේ කාමරේ පාන්දර එක දෙක වෙනකන් ලයිට් දාලා තියෙනවා පේනවා. පොර පාඩම් කරනවා වෙන්න ඇති.මන් දන්න තරමින් තිසෙන් ටියුෂන් යන්නෙත් නෑ.
Term test එකට දවස් දෙකක් තියලා තාත්තාගෙන් බේරෙන්න බැරි කමට මන් ඉස්කෝලෙ ගියා. පන්තියටම ලමයි 10ක් විතර හිටියේ. සෙහස් ඇවිල්ලාත් නෑ. තිසෙනුත් නෑ . පිටිපස්ස පේලියේ රුවිශානුත් නෑ. ඒත් 7.30ට බෙල් එක ගහලා ගාතා කියලත් ඉවර වුනහම පන්තියට දුවගෙන ආවේ තිසෙන්.
එකපාරටම මන් ගාවට ආව තිසෙන් මට එහාපැත්තෙන් වාඩි උනා. මන් පුදුම වෙලා ඌ දිහා බලාගෙන හිටියා.
ඇයි මෙතනට ආවේ??
මන් ඇහුවා.ආ.. එපානම් යන්නම්.
එහෙම කියලා තිසෙන් නැගිටින්න හැදුවා.
නෑ... නෑ... ඉතින්. ඉන්නවනම් ඉදපන්...
ඊටපස්සේ තිසෙන් බෑග් එක පුටුවෙන් එල්ලලා ඉස්සරහ හැරුනා. ඇත්තටම හේතුව මොකක්ද කියන්න දන්නේ නෑ. තිසෙන් මගේ ලග ඉද්දි මගේ පපුව වේගෙන් ගැහෙනවා. ඇග ඇතුලෙන් කරන්ට් එකක් වදිනවා වගේ දැනෙනවා. ඒක හරි අමුතු දෙයක්. සමහර වෙලාවට මට තිසෙන්ගේ ඇස් දිහා බලන් කතා කරන්නත් බෑ. ඒත් කතා නොකරම ඉන්න එක ඊටත් වඩා uncomfortable නිසා මන් තිසෙන් එක්ක කතා කරන්න ගත්තා.
ඇයි පරක්කු වුනේ?? තමුසෙ සාමාන්යයෙන් පරක්කු වෙන්නෙම නෑනේ.
මේ.. මන් බස් එකේ ආවේ...
ඇයි ඒ?? තාත්තා දාලා ගියාද බබාව .....
අනේ මේ.... මන් අද එන්න නෙවෙයි හිටියේ...
එහෙනම් ආවේ???
පස්සේ එන්න හිතුනා.
යකෝ... එහෙම හිතෙන හිතෙන වෙලාවට තීරන වෙනස් වෙනවද??

YOU ARE READING
My Dearest Neighbour
Novela Juvenilමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...