එතකොට ඔය ලමයින්ට මලින්දිව හම්බුනේ නෑ??
නෑ සර්... අපි බලන් ඉදලා එයා අවේ නැති පාර ආපහු ගියා.
සෙහස් කිව්වේ මන් තාමත් මේ මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව වට පිටේ බල බල ඉද්දි. ඒ ප්රශ්නෙම සෙහස්ට තිබුන නිසා එයා මට කලින් ඉස්සර වුනා.
සර් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ??
එතන හිටියේ පොලීසියේ එක්කෙනා අපි දෙන්නා දිහා බැලුවේ සෙහස් එහෙම ඇහුව පමාවට. තිසෙන්නම් තාමත් බිම් බලාගෙන ඉන්නවා.
මලින්දි දයානන්ද, ඊයේ රෑ ඉදන් අතුරුදන්... එයාගේ අවසානම කෝල් රෙකෝඩ්ස් තියෙන්නේ මෙයාට..
සර් පෙන්නුවේ තිසෙන්ව. මගේ පපුවට මොක්කද වෙලා ගියා. මොකක්!! මට හැමදේම මතක් වුනා. මලින්දි එදා කතා කරපු විදිහ, හම්බෙන්න ඕනේ කිව්ව විදිහ, ඒ හැමදෙයක්ම මගේ හිතේ මැවෙන්න ගියේ තත්පර ගානක්. දෙවියනේ.....
මන් තිසෙන් දිහා බැලුවා. එයා ඉන්නෙත් කලබල වෙලා. ඊටත් වඩා හොදටම බය වෙලා. එයාගේ මූන සුදුමැලි වෙලා තියෙන විදිහෙන්ම ඒක කියන්න පුලුවන්. තිසෙන් එදාත් මලින්දි ආවේ නැති වුනහම බය වුන විදිහ මට මතක් වුනා. සෙහස් හිටියේ දරාගන්න බැරි තරමේ කම්පනයකින්. සෙහස් කතා කරන්න ගත්තේ වෙවුලන කටහඩකින්.
සර්.... එයාට... මොකක් වෙන්න ඇත්ද??
ඒකම තමා අපිත් මේ හොයන්නේ.... එයාලගේ අපාර්ට්මට් එකේ cctv කැමරා වල තියෙනවා එයා රෑ 12 ට විතර එලියට ගිහින් තියෙන footages. එයා ඒ එලියට බැස්සේ ඔයාලව හම්බෙන්න කියන එක ෂුවර්. ඒත් ඔයාලා කියන විදිහට එයා ඔයාලව හම්බෙන්න ඇවිත් නෑනේ...
ඔව්... ස...ර්.... එයා.... ආවේ.... නෑ....
මන් උත්තර දුන්නේත් වෙවුලන හඩින්. මට තවමත් මේ දේවල් හිතාගන්න බෑ.
එතකොටම එහාපැත්තෙ හිටිය පොලිස් ඔෆිසර්ට කෝල් එකක් ආවා.යස්.... ආහ් රයිට්.. අපි එන්නම්... එතකන් කාටවත් බොඩි එක බලන්න දෙන්න එපා....හරි... ඕකේ....
මගේ ඇග දිගේ ගියේ දරාගන්න බැරි තරමේ තිගැස්මක්. මන් වෙව්ලලා ගියා. මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු තිසෙන් පවා ගැස්සිලා බැලුවා. සෙහස්ට එහෙමම පුටුවෙන් නැගිට්ටුනා.

YOU ARE READING
My Dearest Neighbour
Teen Fictionමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...