කෝ බන් මූ??
මන් ඇහුවේ බලාගෙන ඉදලා බැරිම තැන.
එයි එයි බන්.....
අපි අද මලින්දිගේ birthday party එකට යන්න. මායි තිසෙනුයි බස් එකේ ටවුන් එකට ඇවිත් දැන් විනාඩි 20ක් විතර වෙනවා. අපි මේ ඉන්නේ සෙහස් එනකන්. මූ තව නෑ. කිව්වෙනම් කොහොමද ?? බය වෙන්න එපා මචන් මන් 5 වෙද්දී ඔතන.. පුක තමා....
ටිකකින් පොර එනවා කලබලෙන්.අඩේ.. මන් පරක්කුද බන්?? සමාවෙයන්... මේ සීයාගේ ප්රශ්න වලට උත්තර දෙන්න වුනානේ... හු*ත....
හරි හරි බන්... ඉදපන් මන් pick me එකක් දාලා තියෙන්නේ.. දැන් එයි...
තිසෙන් කිව්වා.
උබලා ඔක්කොම ගත්තානේ?? ගිෆ්ට් එක කෝ..
මන් ගාව...
මන් පෙන්නුවා.
අපි ගිෆ්ට් එකට ගත්තේ නෙක්ලස් එකක්. කඩේ අක්කාගේ පිහිටෙන් තමා අමාරුවෙන් තෝරාගත්තේ. ඒක සාමාන්යයෙන් නෝමල් ඒත් ලස්සන එකක්. තව චොක්ලට් බොක්ස් එකකුත් ගත්තා.
අපි කැබ් එක එනකන් බලන් හිටියා. ක්ලාස් ඉවර වෙලා යන කෙල්ලෝ අපි තුන්දෙනා දිහා හිනා වෙවී බලන් යනවා. අපි තුන්දෙනා පාටියට යන්න හැන්ඩියෝ වගේ ඇදලනේ හිටියේ. කොල්ලෝ උනහමත් ලස්සනට යන්න එපැයි.
මන් ඇදන් හිටියේ කලු පාට tshirt එකක්. ක්රීම් පාට කලිසමකටම යට කරලා. කොල්ලා ඉන්නවා ඉතින් හැන්ඩියා වගේ.
එතකොට සෙහස් සුදු ටීෂර්ට් එකකට ඩෙනිම් ජැකට් එකක් දාලා තද නිල් ඩෙනිමක් ඇදලා.
YOU ARE READING
My Dearest Neighbour
Ficção Adolescenteමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...