30 කොටස

511 49 14
                                    

මේ දවස් ටිකම වේගෙන් ගත වෙලා ගියා. එක්සෑම් එකට සතියයි. ඉදලා ඉදලාම සයුරු අයියාගේ ෆෝන් එකෙන් මලින්දි අපිට කතා කරා. අපේ අක්කානම් එක පාරක් සයුරු අයියා එක්ක ගිහින් මලින්දිව බලලාත් ඇවිත් තිබ්බා. ඒත් සචින් අයියා කියපු විදිහට අපිනම් පරිස්සම් වෙලා හිටියා.

එදා අගහරුවාදා දවසක්. අපි ඇඩ්මිෂන් ගන්න ඉස්කෝලෙට ගියා. ලමයි ඔක්කොම ඇවිත්. ඕලෙවල් වලට කලින් අපි ඉස්කෝලෙ යන අවසාන දවස. පන්තියේ බහුතරයක් ලමයි අපිත් එක්ක තාමත් වැඩි කතාවක් නෑ. ඒත් අපි එදා අපේ ආතල් එක ගත්තා. මායි තිසෙනුයි සෙහස් අරුනෝද් රවිදු අපි සෙට් එකම ග්‍රවුන්ඩ් එකට වෙලා ක්‍රිකට් ගැහුවා.

අඩෝ මටනම් C9 ක් තිබ්බානම් ඇති බන්....

‍රවිදු කිව්වේ අපි ඉස්කෝලෙ ඉවර වෙලා එන අතරේ.

උබට කියන්න මන් ඊයෙයි දන්නේ සයන්ස් වල පද්ධති කියලා පාඩමක් තියෙනවා කියලා.

අරුනෝද් කිව්වා.

මේ මේ කොහොමහරි එක්සෑම් එක ගොඩ දාගනින් උබලා ඔක්කොම හරිද??

තිසෙන් කිව්වේ අපි ඔක්කොටම.

හරි හරි බන්. මොකෝ කියන්නේ ගෝල් ෆේස් පැත්තේ රවුමක් දාල එන්න යමුද?

ගෙවල් වලට පලයල්ලා. ගිහින් පාඩම් කරපන්. යනවා මෙතන ගෝල් ෆේස්....

අපි ඔක්කොම විසිරිලා ගෙවල් වලට එන්න ආවා.මායි තිසෙනුයි හන්දියෙන් බැහැලා පයින් ගෙදරට එන ගමන් හිටියේ.

දේව් මේ ටිකේ තව ගනන් ටිකක් හදමු...

හ්ම්....

ඉතිහාසයේ අර විප්ලව ටික ආයේ පොඩ්ඩක් බලන්න හරිද??

හ්ම්......

සයන්ස් වල mcq ටිකකුත් කරන්න.

හ්ම්.....

මොකද හැමඑකටම හ්ම් හ්ම් ගාන්නේ?? තමූසේ බකමූනෙක්ද ඕයි??

හ්ම්....

දේව්.....

තිසෙන් මගේ ඔලුවට ටාන් ගාලා පාරක් ගැහුව පාර මන් පියවි සිහියට ආවා.

ආව්.... මොකද මිනිහෝ ගහන්නේ??මොලෙත් එක්ක හෙල්ලුනා.

මන් කියපු ඒවා එකක්වත් අහගෙන හිටියේ නැද්ද??

My Dearest Neighbour Where stories live. Discover now