32 කොටස ( අවසාන කොටස )

1.4K 97 25
                                    

ඉවරයි හු*තෝ ඉවරයි......

සෙහස් කඩාබිදගෙන මායි තිසෙනුයි ගාවට දුවගෙන ඇවිත් තිසෙන්ගේ කරේ එල්ලුණා.

ආව්.... පගෝ මගේ බෙල්ල.....

තිසෙන් කෑ ගැහුවෙ සෙහස්ව තල්ලු කරන ගමන්.

ඔව් ඉතින් ඔන්න අවසානෙට අවුරුදු ගානක මහන්සිය ඕලෙවල්වල අවසානම ප්‍රශ්න පත්තරෙත් ලියලා ඉවර කරලා දැම්මා.

ඇත්තටම ඕලෙවල් පටන් ගත්තා විතරයි මට මතක.මේ දවස් 9 ගෙවිල ගියේ හරිම වේගෙන්.
තිසෙනුත් කොච්චර අමාරුකන් තිබ්බත් හරිම මහන්සි වෙලා වැඩ කරා. මටත් උදව් කරා.

අවසානෙට කොහොමහරි අපි ඒකත් ඉවර කරලා දැම්මා.

අඩෝ තිසෙන්.....
අද නම් ඔන්න බයිලා බෑ. යමන් ගෝල් ෆේස්....

අරුනෝද් රවිඳුත් එක්ක අපේ පැත්තට ආවේ එහෙම කියාගෙන.

හා.... යමන්......

අපි හතර දෙනාම බස් එකේ නැගලා ගෝල් ෆේස් ගියා.
අද එක්සෑම් ඉවර හින්දා එතන ලමයි ගොඩ. බුදු සෙනගක්... අනික තිසෙන්ට තාමත් එච්චර හොදට ඇවිදින්න බෑ. මන් තිසෙන්ගේ අතින් අල්ලගෙන ගියා. සෙහස් තිසෙන්ගේ බෑග් එක එල්ල ගත්තා.

අපි වාඩි වෙන අතරේ රවිඳුයි අරුනෝදුයි කන්න මොනවහරි ගේන්න ගියා.

ඕයි තිසෙන්..... මලින්දි උබට කතා කරාද?

සෙහස් ඇහුවා.

නෑ.... ඇයි??

ඒකි රට යනවලු බන්.... මටත් සචින් අයියා එදා ඉස්කෝලෙන් හම්බෙලා කිව්වේ. මලින්දි ඕලෙවල් කලෙත් නෑනේ. ඒක හින්දා මලින්දිව New Zealand යවනවලු. එයාලගේ අම්මාගේ නංගීලා ලගට.....

ආහ්.... ඒක හොදයි.

යන්න කලින් තමුසෙව හම්බෙලා යන්න එනවා කිව්වලු.....

සෙහස් කිව්වේ ඈතින් ඉස්සෝ වඩේ ප්ලේට් එකකුත් අරගෙන එන අරුනෝදුයි රවිඳුයි දිහා බලන ගමන්.

අඩෝ බන් මට සයන්ස් වලට S එකක්වත් එයි නේද??

අනේ හු*තෝ.... ආයේ විභාගේ ගැන කතා නොකර පාඩුවේ මේක කාපන්...

රවිදු සෙහස්ගේ කටට ඉස්සෝ වඩයක් ඔබන ගමන් කිව්වා.

මොනවද බන් උබලා දැන් කරන්න ඉන්නේ?? ඒලෙවල්වලට ක්ලාස් යන්න පටන් ගන්නවද??

My Dearest Neighbour Where stories live. Discover now