14 කොටස

524 62 2
                                    

අද අපේ මැච් එක ඉසිපතනේත් එක්ක. උදේ ඉදන් මන් හිටියේ මේ දවස් ටිකේම තිබ්බෙ නැති අමුතුම ප්‍රබෝධයකින්. මට මාර නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. හවස මැච් එක නිසා අපි උදේ ඉදන්ම ග්‍රවුන්ඩ් එකේ හිටියේ. පොඩි වෙලාවකට බ්‍රේක් එකක් දුන්නහම මන් පිහිඹියා ගහ යටට ගිහින් පොඩ්ඩක් ඇල වෙලා හිටියා. ටිකකින් තිසෙනුත් ඇවිත් මගේ එහාපැත්තෙන් දිගා වුනා.

දැන් හරිද??
තිසෙන් ගහ දිහා බලාගෙන ඇහුවා.

මොකක්ද???

මේ ටිකේම මූන එල්ලන් හිටපු ප්‍රශ්නේ?

ආ.... ඔව්... ගොඩක් දුරට...

මන් කිව්වේ හිනා වෙලා. තිසෙන් මන් දිහා බැලුවා.

කාලෙකින් ඔය හිනාව දැක්කේ....
තිසෙන් කිව්වෙත් හිනා වෙලා.

මාත් හිනා වුනා.

මට කියන්න දෙයක් තියෙනවා....

මොකක්ද??
තිසෙන් ඇහුවේ ඔලුවට අතත් තියාගෙන මගේ පැත්ත හැරිලා.

ම්ම්ම්...... මැච් එකෙන් පස්සේ කියන්නම්.

අනේ.... දැන් කියපන් ඉතින්.

බෑ.. බෑ.. මැච් එක දිනුවොත් කියනවා.

පැරදුනොත්??

ඒත් කියනවා.

පිස්සුද හු*තෝ උබට??

තිසෙන් එහෙම කියාගෙන මගේ පැත්තට පෙරලිලා මාව කිති කවන්න ගත්තා.

අඩේ... එපා එපා... ඉන්න දීපන් පගයෝ.....

මාත් කෑ ගැහුවේ හිනා වෙවී දගල දගල. එයා කිති කවන එක නැවැත්තුවා. එතකොට තිසෙන් හිටියේ මගේ ඇග උඩ. හරියටම එයාගේ මූන මගේ මූන කෙලින්. එයාගේ උනුහුම් හුස්ම මගේ මූනේ වදිනවා. එයාගේ කලු පාට කඩාහැලෙන කෙස් සුදු පාට නලලට වැටිලා... තිසෙන්ව මට ලස්සනට පේනවා. ආපහු අර හැගීමම.. ඇග ඇතුලෙන් එන කරන්ට් එක.... හැමදේම ඒ විදිහටම දැනෙනවා.

ඔහොම හැමදාම හිනා වෙලා ඉන්න බන්... උබේ ඔය හිනාව නැතුව මන් පාලුවෙන් හිටියේ..
තිසෙන් කිව්වේ මගේ නලලට වැටිලා තියෙන කෙස් අතින් හදන ගමන්.

තවත්නම් මට දරාගන්නම බෑ. මගේ හදවත වේගෙන් ගැහෙනවා මට තේරෙනවා. මන් ඉක්මනට කෙලින් වෙලා තිසෙන්ව තල්ලු කරා.

My Dearest Neighbour Where stories live. Discover now