11 කොටස

553 61 2
                                    

මහනුවර රාජධානියේ අවසාන රජ්ජුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ....

දැන් ඕවා පාඩම් කරා කියලා මට මොනවද ලැබෙන්නේ බන්??

අනේ. හු*ත ඒවා වැඩක් නෑ පාඩම් කරපන්කෝ....

තිසෙන් මට බැන බැන උගන්නනවා. මාත් පාඩුවේ කියන ඒවා අහගෙන වැඩ කරේ තිසෙන් මන් අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා කියලා පොරොන්දු වුන නිසා.

හවස 3 ට විතර මන් ගෙදර යන්න ලෑස්ති වුනේ හවස මට මියුසික් ක්ලාස් නිසා.

මේ.... promise වෙච්ච එක???
මන් ඇහුවේ තිසෙන් දිහා බලන්.

මොකක්ද??

තමුසෙට මතක නෑ?? ඇයි මට ඊයේ පොරොන්දු වුනේ??

ආ...... ඉතින් තමුසෙට තියෙන ප්‍රශ්නේ අහපන්කෝ??

මන් බිම් බලාගත්තා.

මේ..... ඇත්තටම මන් ඔයාගේ කවුද ?? ඇයි ඔයා මන් ගැන මෙහෙම care කරන්නේ??

මන් එහෙම අහලා තිසෙන් දිහා බැලුවා. තිසෙන්ගේ ඇස් දිලිසුනා, ඒත් ඒ තැතිගැස්මකට.

අපි හිටියේ හතුරෝ වගේනේ... දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව.. රන්ඩු වෙවී... ඇයි ඔයා එහෙනම් මෙහෙම මන් ගැන හොයලා බලන්නේ?? මන් තනියම හින්දා ඉස්කෝලෙ එන්නෙ ?? මට බලෙන් පාඩම් කරවන්නේ ?? කවදාවත් කිසිම යාලුවෙක් මන් ගැන එහෙම හොයලා බලලා නෑ..

තිසෙන් හිටියේ මන් කියන හැම දෙයක්ම අහගෙන. මන් කතා කරලා ඉවර වුනාට පස්සේ එයා බිම් බලාගත්තා.

ඔයා promise වුනා.. ඒ හින්දා උත්තර දෙන්න තිසෙන් ....

තිසෙන් මන් දිහා බැලුවා.

මන්දා...ඒත් මට තමුසෙව දැනෙනවා වැඩී...

මන් කෙලින්ම බැලුවේ තිසෙන්ගේ ඇස් දිහා.

ඇයි ඒ??
මන් ඇහුවා.

දන්නේ නෑ... මන් හේතුවක් දන්නේ නෑ. මන් තනියම හැදුන කෙනෙක් දෙව්මිත්. පොඩි කාලේ ඉදන් අම්මායි තාත්තායි ඇරෙන්න මට කවුරුත් ඉදලා නෑ. මන් පොඩි කාලේ ඇඩුවලු මටත් මල්ලියෙක් ගෙනත් දෙන්න කියලා. පස්සෙ මන් ඒ තනිකමට ආසා කලා. හුරු වුනා...
ඒත්.....

එහෙම කියලා එයා මන් දිහා බැලුවා.

තමුසෙව හම්බුනාට පස්සේ මට මන් තනි නෑ කියලා තේරුනා. මට රන්ඩු වෙන්න හරි කෙනෙක් ඉන්න එක ගැන සතුටු වුනා. මන් තමුසෙත් එක්ක රන්ඩු වෙන වෙලාවල්වලට පවා සෑහෙන්න ආසා කලා. පොඩි කාලේ මන් අම්මලගෙන් ඉල්ලුවා වගේම රන්ඩු වෙන්න තනි රකින්න සහෝදරයෙක් වගේ කෙනෙක් හම්බුනා කියලා මට හිතුනා. ඒකයි මාත් ඔයා ගැන හොයලා බලන්නේ. වෙන හේතුවක් මට කියන්න තේරෙන්නේ නෑ. මට ඕනේ තමුසෙගේ හොදම යාලුවෙක් වෙලා සහෝදරයෙක් වගේ ඔයාගේ ලගින්ම ඉන්න, එච්චරයි.

My Dearest Neighbour Where stories live. Discover now