වැහිකෝඩ 21

1.8K 115 1
                                    

#විසිඑක්වන_කොටස 💜️

දීප්තයයි මායි දෙන්නම මේ වෙනකොට හිටියේ හිටගෙන..මොකද අරූගේ කතාවත් එක්ක අපි දෙන්නට තවත් ඉඳගෙන ඉන්න බැරිකමක් දැනුණා..නුරාගයා අපි දෙන්න දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ආපහු යන්න ගියේ ඔෆිස් රූම් එක පැත්තට...ඇත්තටම මෙච්චර කල් මට විතරයි නුරාග්ව අප්පිරිය වෙන තරමට එපා වෙලා තිබ්බේ...ඒත් දැන් දීප්තයාටත් නුරාග් පර බල්ලව එපා වෙලා කියලා මට තේරුණා...

"මොකක්ද බන් කරේ..චාටර්නෙ බං..බලපන් උඹලා දෙන්නා හින්ද අපිටත් බැනුම් අහන්න උනා.."

"මේ මේ අකිල උඹ මට කියලා පඩ ලයින් දාගෙන ඇවිත් කන් ඇටේ පලාග/න්නැතුව ඉඳපන් පාඩුවේ..."

"දීප්තයා මෙහෙ වරෙන්..වැඩක් කරන්ඩ..කොල්ලො එක්ක වලියට යන්ඩෙපා..උන් පළි නෑනෙ.."

කොල්ලෝ ටිකට කේන්ති ගිහින් අපි හින්දා උන්ටත් බැනුම් අහන්න වුණා කියලා..ඇයි යකෝ මං දන්නවද ඌ මට බනිනවා කියලා..එහෙම දන්නවනම් යකෝ කොයි වෙලාවකවත්..මොන දේකටවත් මම ඔතන ඉඳගන්නේ නෑනේ..

"සිරාවට මොකද්ද බන් පහන් ඒ වුනේ? ඇයි යකෝ මෙච්චර කල් මේ මේසෙ..මෙතන මේකෙ ඉඳගෙන කෑම කාලා තියෙනවා..ඌට මේ එක පාරට නැගපු නැගිල්ල මොකක්ද දන්නෑ.."

"අල්ලලා දාපන් බං.. කොහෙවත් නැති එකේක ප්‍රශ්න මොකට අපි ඔලුවට ගන්නෙ..නිකං ඇතඅරපන්...කෝ ඔය බත් එක කන්න බෑ බං ආයෙ.. අරු කියපු කතාවත් එක්ක කන එකත් එපා වුණා..කෝ යමං ඕක විසිකරලා අත හෝදං එන්න..ශිහ් ඌ මහ සතෙක් වගේ ජාතියෙ එකෙක්..උඹ කිව්වා හරි..කතාවකුත් තියෙනවනෙ දිවුල් ගෙඩියෙ වුණත් එළියෙ හොඳ වුණාට අස්සෙ පුස් කියලා.."

"ඕකගෙ මොලෙත් පුස්..අප්පගෙ හයිය අරන් ඉන්නෙ.."

අපි දෙන්නා අත් දෙක හෝදගෙන ඇවිල්ල ආපහු වැඩ ටික කරන්න පටන් ගත්තා..ඇත්තටම ටුවෙන්ටි ෆෝ එකේ වැඩ ටික කොච්චර හොඳද කියලා හිතුනේ මේ අව්වත් එක්ක මේ කන කට්ට දැනෙද්දි..මෙච්චර මේ කට්ටක් කන්නෙ සල්ලි කියන කොළ ටික අතට ගන්න නේද කියලා මතක් වෙනකොට මගේ පපුවත් එක්ක හෝස් ගාලා යනවා..ඇයිද දන්නෑ මේ සල්ලි කියන ජාතියට එච්චර වටිනාකමක් හම්බ උනේ..කතාවෙන් කතාව කොල්ලො ටික ඔක්කොම වැඩ ටික ඉවර කරා. හවස් වෙනකොට මුළු වෙඩින් හෝල් එක වටේ තියෙන වටපිටාවම සුද්ද කරගන්න අපිට පුළුවන් වුණා..අන්තිමට මල් පෝච්චි ටිකත් අස් කරලා ඒ ටික කප්පාදු කරායින් පස්සෙ අපේ වැඩ ටික ඉවර වුණා..

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now