#තිස්_අටවන_කොටස 💜️
"දීප්ත අර මොකද්ද කියන්න තියෙනවා කියලා කිව්වා නේද.." ?
"ම්ම්..ඔව්.."
"කියපන්කො මොකක්ද කියලා..තව පොඩ්ඩකින් ඒක අහන්නත් අමතක වෙනවා.."
"හ්ම්ම්..."
දීප්ත දිග හුස්මක් අතෑරියා..ඒක හරියට දිග කතාවකට පෙරුම් පිරුවා වගේ...
"මං මේක කිව්වා කියලා උඹ මං ගැන වැරදි හිතන්ඩ එපා..මතකද උඹලා ගෙදර මං ඉස්සෙල්ලාම ආවේ.."
"ඔව්..ඉතින්.."
මට කුතුහලේ පොඩ්ඩක් වැඩි වුණේ අපේ ගෙදර කතාවට ගෑවිච්ච නිසා...
"එතකොට මං අර හොටෙල් එකේ ජොබ් එකට ගිහින්නෙ හිටියේ...ටුවෙන්ටි ෆෝර් එක වැහුවට පස්සේ.."
"ම්ම්..ඉතින්.."
"මං ගියා පස්සේ ඒකට..දවසක් මං වැඩ කර කර ඉන්න තැනට නුරාග් ආවා..පොර මට එක දවසක් හම්බෙලා කිව්වා..ශොප් එකේ ජොබ් නැති වෙච්ච තව කොල්ලෝ ඉන්නවනම් ඒ කොල්ලොන්ට මේකට එන්න කියන්න කියලා.."
"නෑ.."
"හරි හරි අහපන්කෝ වුණ දේ..ඒකල්ලා ඌ මට කනට කරලා කිව්වා.."
.....................#අතීතය,
"උඹට අර එදා මතකද මං ශොප් එකට ආපු දවස දීප්ත.."
"කවද්ද..." ?
"අර මං අන්තිමට ආවේ උඹලගේ ශොප් එක වහන්ඩ කලින්.."
"ආ..ඔව්...ඔව් ඉතින්.."
"ඒකේ එදා මං අර එක කොල්ලෙක්ව එක්කරන් ගියා මගේ පස්සෙන් අර උස තළෙලු මූණ සුදු කොල්ලෙක්..අන්න ඌ ගැනයි මං එදා කිව්වෙ.."
"එදා..අහ්..ඒ පහන්..ඔව් පහන්...."
"අන්න හරි..ඌ දැන් මොකද කරන්නෙ..."
"ඌත් ගෙදර ඇත්තෙ..ඇයි මොකද්ද සීන් එක.." ?
"අන්න ඌටත් එන්ඩ කියනවා මේකටම.."
"ඒ ඇයි.." ?
"උඹට ඒවගෙන් වැඩක් නෑනෙ දීප්‍ත කියපු එක කරපන්.."
"උඹ දැන් මට ඔහොම ද කතා කරන්නේ.." ?
"ඇයි මං උඹට වෙනම සලකන්නද ඕනි..මතක තියාගන්නවා මං මෙතන ලොක්කා..තමුන් කාගෙ කවුරු කොහොම උනත් කමක් නෑ..මෙතන ලොක්කා මං..තමුසෙලා ඉන්නොන මෙතන වැඩ කරන උන් විදිහට මිසක් වෙන විදිහකට නෙවෙයි.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...