#බෝනස්
#හැටඅටවන_කොටස 💜️"පහන්.."
"මොකො.."
"අම්මගෙ වැඩේ කරගන්න පුළුවන් වෙයිද බන්.." ?
"අනිවා පුළුවන් බන් බය නොවී ඉඳපන් උඹ..මං කොහොම හරි උඹට ඒ දේ කරගන්න උදව් වෙනවා.."
"හ්ම්ම්..බයයි බන් ඔය කිව්වට මටත්.."
"ඉඳපන්කො අනිද්ද යනකන්..ඊටපස්සෙ බලමු නිවාඩු දෙන්න දවස් හතර පහක් තියෙනවනේ.."
"හ්ම්ම්..අනෙ මං දා..නිදාගන්නද උඹ.. " ?
"ඔලුව කැක්කුමයි බන්..ඇයි උඹත් එන්නද.." ?
"චැහ්..පලයන්..ආස නෑ..සිරාවටම උඹට චමත්ක අයියා එක්ක මොකද්ද බන් තියෙන සම්බන්දේ.." ?
"ඒ කිව්වෙ.."
"නෑ උඹ ඇයි අද කොටුවට එද්දි බැස්සෙ එහෙනම්.." ?
"නිකන් බන්.."
"ඒක හතර බීරි කතාවක්නෙ බස් එකෙන් බැස්සෙ ඇයි...උඹට ඌ එක්ක මොකක් හරි අවුලක් හරි ඌ මොකක් හරි උඹව බ්ලැක්මේල් කරනවවත්ද.." ?
"පිස්සුද බන් එහෙම එකක් නෑ.."
"ඇයි එහෙනම් උඹ ඔච්චර ඌ පස්සෙන් යන්නේ..උඹ කොහොමද රෙස්පට් පිට හිටියෙ..දැන් එහෙම නෑනේ..ඌ උඹට කොච්චර බලු විදිහටද සැලකුවේ..ගැහුවද..බැන්නද..චාටර් කරාද..එකක් කියලද..උඹට කොච්චර නම් වද දුන්නද..එහෙව් එකේ ඇයි තවත් ඌ පස්සෙන්ම.."
"ම්ම්..එකක් කියලා නෙවෙයි බන්..එහෙම කියන්න දෙයක් නෑ..මට හිතෙනවා බන් ඌ පේන තරම් නරක එකෙක් නෙවෙයි කියලා.."
"ඒ කිව්වේ.."
සිතිජත් පෝන් එක අහක් කරලා ඇඳේ හාන්සි වෙලා ශීට් එකත් ගුලි කරගෙන මං පැත්තට හැරුණා..
"මන් දන් නැ බන්..මට තේර්‍ර්න් නෑ.."
"මං අහන්නෙ උඹෙ හිතේ ඌ ගැන මොකක් හරි එහෙම දෙයක්.."
"පිස්සුද බන් එහෙම කියන්න දෙ..යක්..."
"සිරා කියපන් මං උඹෙ යාලුවනෙ..උඹට ඕනි දේකට මං ඉන්නවා කියලා දන්නවනේ..මෙච්චර අවුරුදු දෙකක් උඹට මං හොර බොරු කරලා නෑනෙ..පුළුවන් දෙයක් තියෙ නම් මං උබට සපෝර්ට් එකක් දෙන්නම්.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...