#හැත්තෑ_හත්වන_කොටස 💜️
"සර්..එහෙනම් ඇවිත් වාඩිවෙලා ඉන්නකො..මං එක්ක එන්න..."
මායි චූටියි මාරුවෙන් මාරුවට මූණ දිහා බැලුවෙ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව..
"හරි..සර් සමාවෙන්න ඕන වැරැද්දක් උනානම්..සර්ලා එන්න මං එක්ක.."
චූටි මට එන්නෙයි කියලා කිව්වා පස්සෙ අපි දෙන්නම අර මනුස්සයා පස්සෙන් ගියා..ගිහින් අස්සෙන් තියෙන රූම් එකක් වගේ තැනකින් අපිව රෙස්ටුරන්ට් එකක් වගෙ තැනකට එක්කන් ආවා හෙන වටේකින්..යනවා යනවා ඉවරයක් නෑ..අර මනුස්සයා අවුරුදු ගාණකට කලින් හිටියා කියලා කිව්වහම මං හිතන්නෙ බය උනා...
"සර්ලා ඉඳගෙන ඉන්න..මං එන්නම්.."
අර මනුස්සයා එහෙම කියලා ගියා..මට හිතාගන්න බෑ තාමත් මෙච්චර මේක දියුණු උනේ කොහොමද ? සමහරවිට ධනසේකර කියන්නෙ සර් බැන්ද කෙල්ලගෙ තාත්තා වෙන්න ඕනි..මං හිතන්නේ ශොප් දෙකම එකට කරලා වෙන්න ඕනි..නැත්නම් මෙච්චර දෙයක් කරන්න අමාරුයිනෙ..
"සර් මෙන්න අයිස් කොෆී දෙකක්..සර්ලා ඉන්න..මං පණිවිඩයක් එවන්නම්.."
එහෙම කියපු අර මනුස්සයා ආපහු ඇවිත් අයිස් කොෆී දෙකකුත් ගෙනත් දීලා ආපහු ගියා..
"මූ මොකද මෙච්චරටම.." ?
චූටි ඇහුවේ අරූ යන දිහා බලලා මං දිහා බලන ගමන්...
"උඹ අර අවුරුදු හතරක පහන් කියලා හෑල්ලක් දැම්මේ අන්නේක නිසා.."
"උඹ බූරුවෙක් වගෙනෙ හැසිරෙන්නේ ඕයි..තමුසෙ හදාපු තැනක් වගෙ හැසිරෙන්නේ..ප්රශ්නයක් වෙන්න හැම මඟුලක්ම කරන්න එපා ඕයි..මිනිස්සු එක්ක හරි විදියට ඉන්න බලනවා..හැමදාම ප්රශ්න දාගෙන මොනා කරගන්නද තමුසෙ හිතාගෙන ඉන්නේ..අර මනුස්සයා ඉස්සෙල්ලා සිකුරුටි එකෙන් ගෙන්නුවා නම් ගුටිත් කාලා එළියෙ ඉන්න වෙන්නේ.."
"ගුටි කන්නෙ මොකො උන්ගෙන්..ඇයි බන් මං වැරදි දෙයක් ද ඇහුවෙ.."
"අහපු දේ හරි තමුසෙ..ඒත් අහපු විදිහයි වැරදි..ප්රශ්නයක් වෙන වැඩ කරන්න එපා බන්..කැම්පස් නේද තමුසෙ දැන් ඕකටවත් ගිහින් මොනාද මෙච්චර කල් ඉගෙන ගත්තෙ මිනිස්සු ආශ්රෙ කරලා.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...