වැහිකෝඩ 30

2K 118 14
                                    

#තිස්වන_කොටස 💜️

මන් ටක් ගාලා ගෙදෙට්ට දිව්වේ කාවින්දයගෙ පාට මාරු කිරිල්ල ගැන හිත හිතම..මාර මිනිස්සු..මදැයි යාළුවෝ කියලා ජාතියක් හිටියා මටත්..මරු යාලුවො..ජාති ජාතිත් මේ වගේ බලු වැඩ කරන එවුන් ජීවිතේට් මට හම්බෙන්ඩෙපා සැක්..මං ඉක්මන්ට ඇඳුමක් දාගෙන ආපහු ඉක්මනින් හන්දියට දිව්වේ හතිදාගෙන..ඉක්මනින් බස් එකට නැගලා අපි දෙන්නත් එක්ක ඉස්කෝලේ ගාවට ආවා..වෙන්දත් අනන්තවත් මේ ඉස්කෝලෙට ඇවිල්ලා තිබ්බත් අද ඉස්කෝලෙට අඩිය තියෙනකොට මට මතක් උනේ මං ඉස්කෝලෙට ආව පළවෙනි දවස..කොල්ලව හෝල් එකට දාලා මං ඉස්කෝලෙන් ආවා..ආයේ කොහෙවත් යන්න තිබ්බේ නැති නිසා මං කෙලින්ම ගෙදරට එනවා කියලා ආවෙ..තව දවස් හයක්ම තියෙනවා මටත් වැඩට යන්න..චූටිට ආපහු එක්සෑම් තියෙන්නෙත් සිකුරාදා..

"හයියෝ මොනා කරන්ඩද අප්පා දැන් නම් එපාවෙලා තියෙන්නේ ගෙදර ඉඳලම.."

මන් ගේ අස්සට ආවෙම එහෙම කියාගෙන..

"ආ ගිහින් දැම්මද අනිත් ළමයිගේ අම්මලා එහෙම ඇවිත් හිටියේ නෑනේ.."

"නෑ..එහෙම කියන්න තරම් ඇවිත් හිටියෙ නෑ.."

"අනෙ එහෙම ද..හරි නැද්ද දන්නෑ අප්පා මං නොගිය එක.."

"නෑ..විකාරද අනේ..හෙන කම්මැලි අප්පා එපා වෙලා තියෙන්නෙ ගෙදර ඉඳලා නම්..."

"කම්මැලි නම් කරන්න වැඩකුත් නැත්නම් අර පඳුරු ගහල තියෙන ඇම්බුන් කෙහෙල් පැළ පඳුරු වෙන් කරලා හිටවන්ඩ..විකාර කිය කියා ඉන්නේ නැතුව..මාස හයක් යනකොට කන්නත් පුළුවන්..සල්ලි ගන්නත් පුළුවන්.."

"කෝ දෙන්ඩකො එහෙනම් ඒ ටිකවත් හිටවන්ඩ.."

"දෙන්ඩ මං අතේ තියන් ඉන්නවද..යමන් අර ඉස්සරහ ඇති උදැල්ල අරන්..මං යකඩ ඉන්නයි..මන්නෙයි අරන් එන්නම්..නැත්නම් උඹ පැළ ටිකත් එක්ක කපා දැම්මම දවල්ට මළවන්ඩ තමා වෙන්නෙ කෙහෙල් දලු ටික.."

"අනෙ අම්මෙ මේ..අහගන්නෙපා..මං බබෙක්‍ ඇයි.."

"කටවහන් පලයන් මං එනකන්.."

දවල් වරුව වෙනකන්ම ඒක කරපු එකත් හොඳට ගියා..නැත්නම් ඊට වඩා එපාවෙනවා.මහන්සි උනත් කමක් නෑ..කෙහෙල් මොටෙයි උඩට ආපු පැළ අටක් තිබ්බා..ඒ ටික වළවල් ගහලා වෙන් කර කර හිටෙව්වා..දැන් හැබෑට අම්මා කිව්වත් වගේ ඇම්බුං කිලෝවක් රුපියල් හාරසීය පයිනවා..ගෙඩියක් හැටකට එහා..ගෙඩි සීයක් නම් හය දාහයි..ඒකත් නරකම නෑ..කැන් පහක් ගත්තොත් තිස්දාහක්වත් අඩුම පුළුවන්..වැඩෙ කියන්නෙ අවුරුද්දෙන් බාගයක්ම යනවනෙ..කමක් නෑ නිකන් හරි හැදෙනෙකනෙ..ආයෙ පොහොර වලට සල්ලි යනවා කියන්නද..හවස් වරුවෙ හදපූවට වතුරත් දාලා මං නාගන්න යද්දියි චූටි ගෙදර ආවේ..

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now