#අසූ_තුන්වන_කොටස 💜️
"අන්න පොයින්ට් එක..ඒ පෝන් එක එදා චිප් එක..ඒ දෙකම චමත්ක අයියා අතේ තිබ්බා..ඒ කියන්නෙ චමත්කයා ඌ බලලා තියෙනවා පෝන් එකයි ච්ප් එකයි දෙකම.."
"ඒත් ඌ කිව්වා නැ කියලා.."
"යකො ඌ නෑ කියලා කිව්වා කියලා එහෙම නැති වෙනවද.." ?
"අඩේ බන්..කුකුළා ඌත් මොනා හරි දැකලා.."
"න්නෑ..නෑ..හ් මං හිතන් නැ..චමත්ක අයියා උගෙ කට වැහෙන්නම ඇන්නනෙ..ආයෙ ඌ කැම්පස් එකෙ ඇතුලෙ හරි එළියෙ හරි උඹ ගැන කියනෙකක් නම් නෑ...."
"මන් දන් නෑ බන් හිතාගන්න බෑ මොනා වෙයිද කියලා ඉස්සරහට.."
"පාඩුවෙ ඉඳින්කො බය නැතුව..එකක්..එකක් විතරක් හොඳට මතක තියාගනින් බන්.."
"ම්හ්..ඒ මොකද්ද.." ?
"මොන දෙයක් උනත් චමත්ක අයියා මොකක් කරත් ඉවසපන්..උඹේ හැමදේම පාහෙ ඌ දන්නව නම්..මේ කැම්පස් එක අස්සෙ ඌ තරහ කරගත්තොත් උඹ කැම්පස් ඇවිත් ඉවරයි කියලා මතක තියාගනින්..මොකද මේ ඉන්නෙ කැම්පස් එකේ නිසා..අනික උඹේ කටත් එසෙ මෙසේ කටක් නෙවෙනේ..ගැහුවොත් ගැහුවා වගේනෙ උඹ ඉන්නෙ..උඹව විශ්වාස කරත් උඹේ කට නම් මන් විශ්වාස කරන් නෑ.." !
"නෑ නෑ..එහෙම දෙයක් වෙන් නෑ..මන් කට වහන් ඉන්නම්.."
"හරි කොල්ලො එහෙනම් මං තියන්නම්...හෙට එන්න ලෑස්ති කරගන්න ඕනි මේ ඔක්කොම රෙද්දවල් ගොඩයි..එසයිග්මන්ට් කොහෙද් දන් නෑ..රෙදි එහෙම ඇත්තෙත් නෑ.."
"ආ හා මේ මේ කොල්ලො මතක් කරලා අවුරුදු අරන් වරෙම් බල්ලො හොඳේ ගොන් වස්සා මගේ.."
"තියෙනවා අවුරුදු මං කියන්නෙ නෑ උඹට..කැවුමක් අරන් එන්නම් බොට මන්.."
"කැවුම..කැවුම ගහගනින් පුකෙ..ආ මේ ඒක නෙමේ..අම්මට කොහොමද..අඩුද දැන්..හොඳයිද පොඩ්ඩක් හරි.." ?
"ඔය ඉන්නවා ඉතින්..එහෙම කියන්න අඩුවක් තියෙන ලෙඩක් නෙවෙනෙ බන් මේ.."
"ම්..මේ.."
"ඕ..කියපන්.." !
"නෑ..නෑ.."
"මොකද්ද ඒ ගමන කියන්න ගියෙ.." ?
"නෑ මුකුත් නෑ වරෙන්කො..ආවම කියන්නම්..වරෙන්කො හෙනම් හෙට පරිස්සමට ශුද්දා පාළුයි උඹ නැතුව..මං තියන්නම්.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...