#පනස්_පස්වන_කොටස 💜️
මං චූටි ගියායින් පස්සෙ වතුර බහින්ඩ දාලා තිබ්බ හාල් ටිකත් ඇරන් තාත්තගෙ පරණ පුස්සයිකලේට හුළං ගහන් තල්ලු කරන් වැල්ල දිගේ ගිහින් කෝච්චි පාරට දාගෙන අයිනෙන් පැදන් ගියේ දෙපැත්ත බල බල..කාවින්දලගෙ ගෙවල් ළඟින් එද්දි මං අහක බලන් හුස්මට එතනින් වාස්ප උනෙ උගෙ මූණවත් බලන්න මං අකමැති උනු නිසා..අසමජ්ජාති බල්ලා..
මට හිතට දුක මං වෙනස් නොවි ඉන්නකොට ඌ හෙමිට හෙමිට මාව කපාපු එක..ඌත් ඔක්කොම වගේ ජරා එකෙක්..මං කොච්චර ඌට ළඟින් ඉන්න ගියත් ඌ ම තමයි මගෙ හිතෙන් අහක් වෙන විදිහට වැඩ කරෙ..මං අසනීප උනා පස්සෙ එච්චර නැතත් සේපෙට හරි ආශ්රෙ කරත් ඊටපස්සෙ අතෙ සතෙ ටිකෙන් ටික ගෙවිලා ගිහින් හිඳිලා යද්දි උන් වෙනුවෙන් බියර් එක ගල් බාගෙ අරන් දෙන්ඩ සුරුට්ටුව අරන් දෙන්ඩ බැරි වෙද්දි උන් ඔක්කොමත් තාච්චියෙ නටන වතුර ටික වගේ වාස්ප උනේ..කාවින්දයා විතරයි වෙනස් අනික් උන් නම් දැන් කොළඹ වැඩ..අරුන් දෙන්නා නම් අර සිල්ලර කඩෙ එන්නැතුන් නැවතිලම වැඩ..ඒ නිසා මට උන්ව මුණ ගැහෙන්න වෙලාවක්වත් නැ..කොහොමත් දැන් උනුත් වෙනස් වෙලා ඇති කියලා මට හිතුණා..ඔව් ඉතින් බොරු වෙන්න බෑනෙ..මිනිස්සු වෙනස් වෙනවනෙ..මමත් වෙනස් උනා..මං වැරැද්දක් කරෙ නෑ කාටවත්..උන් මං එක්කලා උන්නු කාලෙ මං වෙනස්කම් කරෙ නෑනෙ කිසි එකෙක්ට..උන්ට කන්න බොන්න වගේම හැම රෙද්දකටම වලියකටම මං හිටියනෙ..අර ඒසාවගෙ කෙල්ලගෙ ප්‍රශ්නෙ එක්ක උන් මරාන් කොටාන් ඇන ගනිද්දි කවුද ළඟ හිටියෙ කියලා අමතකයි ඒසා බල්ලට..උගෙයි සංසලාගෙයි සීන් එක නිසා කොච්චර සීන් ගියාද..මේ උට්ටිගෙ පුතාට ඒ මුකුත් මතක නෑ..කෙළෙහි ගුණයක් නැති එකා..කාරිය කෙරෙන තුරුයි කාගෙත් රැවටිල්ල කිව්වලු..හොඳම යාලුවා පක තමා..අර දීප්තගෙ ළඟින්වත් තියන්ඩ බැ මේ බල්ලව..එදා චූටිගෙ එක්සෑම් දවසෙ පුළුවන් කම තියෙන්දින් බයික්කෙ දුන්නෑ..ඕකෙන් තමයි ඒස බල්ලව එපා වෙලාම ගියෙ..සතා..
මං සයිකලේ බ්‍රේකුත් නැති නිසා කකුල් දෙකෙන් පොළොව හූරන් ආවේ..සෙරෙප්පු දෙකෙ ඉස්සරහ නැ මේ උට්ට පැදගෙන බ්‍රේක් අල්ලන් ඇවිත්..ශික් පයින්ම ආවනම් තවේකක්..මං හාල් මල්ලත් උස්සන් සයිකල් කට්ට ඉස්සරහ තිබ්බ ගඩොල් බිත්තියට හේත්තු කරලා ඇරියා..
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...