#හැත්ත_හතරවන_කොටස 💜️
චූටි බැන්ඩේජ් එක ගලවලා අයින් කරා..අපෝ..ඒක දිහා බලන්නවත් බෑ..ඒ තරම් හිරිකිතයි..හම බාගෙට බාගයක් ඇලිලා තිබ්බා..චූටිට කිසිම අප්පිරියාවක් නෑ..අතින් අල්ල..අල්ල ගලවලා අයින් කරලා ලේ..හැරව ඔක්කොම ටික ගෝස්වලින් මාත්තු කරා..රිදෙනවයි..දනවයි ඉන්න බෑ...මං ඇස් තද කරලා පියා ගත්තා...
"ලොකූ..."
"අන්න අම්මා එනවා..ඕක වහලා දානවා..නැත්නම් දන්නවනෙ.."
මං කමීසෙ කකුල උඩට දාන ගමං කිව්වා..චූටි ඒකෙන් තුවාලෙ වැහුවා...මං කකුල පහලට ගන්න ගියත් චූටි කකුල අල්ලගෙන මාව නැවැත්තුවා..
"දෙන්නා කතාව වගේ ආපු ගමන්ම..කොච්චර දේවල් කතා කරන්න තියෙනවද.." ?
අම්මා පුටුවක් ඇදලා අරන් ඒක උඩ තේයි..බිස්කටුයි..අග්ගලා වගයකුත් තියන ගමන් ඇඳෙන් වාඩි උනා..
"අම්මා..කොහොමද ඉතින්..අසනීපයක් නෑ නේද..කොණ්ඩෙත් ඉදිලා.."
"නැතුව බන් උඹලයි වගෙ අපි එන්ඩ එන්ඩ ඉලන්දාරි වෙනවයෑ.."
අම්මා හිනාවෙන ගමන් කිව්වට හිනාව අස්සෙ මොකද්දො කියාගන්න බැරි දෙයක් තියෙනවා කියලා ඇස් දිහා බලද්දි මට තේරුණා..
"බොන්න බොන්න තේක..කතාවෙන් කතාව ඒකත් ඇල් වෙනවා.."
අම්මා තේක අරන් අතට දෙන ගමන් කිව්වහම මං ඒක අරන් උගුරක් බිව්වා..කාලෙකින් පුරුදු රහ දැනුණා තේක..වෙනදටත් වැඩිපුර රහ තේකක්..මට ගොඩක් බඩගිනි..උදේටවත්..අඩුම රෑටවත් කාලා නෙමෙනෙ ආවේ..ඇට්ටරකමට දුවන් ආවා මිසක්..හිතු මනාපෙට චමත්ක අයියව රිද්දන්න ඕනි නිසා දුවන් ආවා මිසක් මගේ හිතේ කැමැත්තෙන් නම් නෙවෙ මං ආවේ..එයාට මොනා නොහිතෙන්න ඇතිද..කොච්චර දුකක් දැනෙන්න ඇතිද..එයා මේ ටිකේ හැමදේම කරේ මං වෙනුවෙන් කියලා මං දැනගෙනත් මං ආත්මාර්ථකාමී වුණා කියලා මට හිතුනා..මට තිබ්බා ටිකක් ඉවසන්න..මමත් කට ගහගෙන ගියා වැඩියි..මට උදේට කන්න කියලා සල්ලිත් තියලා ගිහින් තිබ්බෙ මං ගැන හිතන නිසානේ..මමයි හැමදේම වැරදි විදිහට දැක්කේ..ඒත් එයා මං ගැන හිතටනම් ඔහොම කතාවක් කියයිද ඊයෙ..මට මෙලොව දෙයක් තේරෙන්නෙ නෑ...ශික්...
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
No Ficciónඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...