වැහිකෝඩ 32

1.5K 115 18
                                    

#තිස්_දෙවෙනි_කොටස 💜️

මං අම්මට වැන්දහම අම්මා ඇඳුමෙ අත පිහදන් මගේ ඔලුව අතගාලා කොණ්ඩෙ හැදුවා..මං වැල්ල දිගේ ඇවිදන් ගියේ හිත පුරා අලුත් හැඟීමකින්..මං ආපහු හැරිලා බලද්දිත් අම්මා මං දිහා බලන් ඉන්නවා චූටි එක්ක..අම්මා තරම් හොඳ ගෑණියක් මට තව නෑ කියලා හිතුණෙ ඒ ආදරෙ ලෝබ නැතුව දීප්තටත් එක හැන්දෙන්ම බෙදෙද්දි...
මං දුවන් ඇවිත් ට්‍රේන් එකේ එල්ලුණා..අටට කාලක් තියෙද්දි මට ශොප් එකට ඒ ගන්න පුළුවන් වුණා..

"ආව්..ආව්..කොල්ලා ආපහු ආවා එහෙනම්..දැන් තමයි ශොප් එකට එළියක් වැටුණේ.."

"අනෙ පලයන් බේසිකයෝ..කෝ සර් ආවද.." ?

"නෑ යකො..සර් එයි..මේ ඒක නෙවෙයි දන්නොද වැඩක්.."

"මොකක්ද.." ?

"හෝව්..හෝව්..පොඩ්ඩක් ඉඳපන් මාත් එනකන්..වැඩේ අහන්ඩ.."

ජනිතයත් ඇවිත් ටක් ගාලා බෑග් එක තියලා අපිත් එක්ක සෙට් වුණා..

"ඉතින් කියපන්කො දැන්..මොකද්ද සීන් එක.."

"අපේ සර්.."

"ඉතින්.."

"අපේ සර්..."

"කියපන්කො බල්ලො අපේ සර් අපේ සර් කිකියා ඉන්නේ.."

"අපේ සර්.."

"ටෞකන්ඩ දාලා උඹට ඈ බල්ලො උඹේ වැඩෙ දැන් ඕකද..."

"අපේ සර්.......මැරි කරන්ඩ යන්නේ.."

"ඈහ් නෑ..."

"නෑ නෙවෙයි යකෝ.."

"අඩ්ඩෝව්..නෝ..සිරාවට.."

"ඔව් යකෝ ඔව්ව්ව්..මං දැක්කා ඊයෙ කෙල්ලෙක් එක්ක පීසා හට් එකේ හිටියා.."

මට මතක් වුණෙ නුරාග් එක්ක මං නුවර ගිහින් පීසා හට් එකේ උන්නු විදිහ එකට..

"අඩො ශුවර් ද ඉතින් කෙල්ල කියලා.."

ජනිත් ඇහුවා..

"නැතුව බන්..සර්ට නංගි කෙනෙක් හිටියත් තේරෙනවනෙ දෙන්නා හැසිරෙන විදිහෙන් කොහොමද කියලා..දන්නවනෙ සර්ට කවුරුවත් ම නෑ කියලා.."

"ළඟදිම එහෙනම් රජ මගුල් කන්ඩ පුළුවන් වෙයි.."

"බලමුකෝ බලමුකෝ කොල්ලනේ...සර්ට හරි ගියා කියන්නේ අපිටත් ඉතින් හරි ගියා වගේ තමා..."

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now