#හැත්ත_නවවන_කොටස 💜️
එයාගෙ ලයිව් සින්දුව ඉවර වෙන්නත් කලින් එකපාරටම කැස්සකුත් එක්ක චමත්ක අයියා නැගිට්ටා..මං හිතන්නෙ නොදැක්කට එකපාරම කවුරු හරි ආවයි කියලා දැනෙන්න ඇති..මාව දැකපු ගමන් හෑන්ඩ් ෆ්රී දෙකත් ගලවලා අතට අරන් ඇඳුම හදාගෙන ශීට් එකෙන් වහගත්තා..එයා මාරම විදියට කලබල උනා ඊටත් වඩා පොර බයවෙන්න ඇති...
"ප්..ප පහන්.." !!!
"මං..මේ..මේ.."
"උඹ..උඹ මොකද මෙතන කරන්නේ...." ?
"ම..මං දැන් ආවේ..කැම්පස් එකට මේ.."
"ඉතින්...ආවනම් පලයන් රූම් එකට..උඹ මේකෙ නෙවෙයිනේ ලගින්නෙ..මොන එහෙකට මේකට ආවද.." ?
පටන් ගත්තා සර්ව කාලින දේශනාව..දැන් ඉවරයි..ප්රොෆෙසර්ලාවත් මෙච්චර කියවන්නෙ නෑ..
"අ..අදද ආවේ ඔයත්.." ?
"ඇයි අහන්නෙ උඹ.." ?
"නිකන්..උඹ විතරද ආවේ.." ?
"මං දන් නෑ කවුරුත් නෑනෙ වෙන..මං නන් දැක්කෙ නෑ..අපි විතරක්ද.." ?
"මන් දන්නවද බන් ඒක..."
ඔන්න ඉතින් ආයෙ ලොකුකම පටන් ගත්තා..ඒත් මූ අර ප්රශ්නෙ අමතක කරලවත්ද..මුකුත් දන් නෑ වගේ මං එක්ක කතාව..
"අදද ආවේ ඔයත්.." ?
"කොහෙ ගිහින් ද.." ?
"ඇයි ගෙදර ගියෙ නැද්ද.." ?
"නෑ බන්..මොන ගෙදරද..මේ වැඩත් එක්ක.." !
"ම්..එහෙම ද..ගෙවල් කොහෙද කිව්වෙ.." ?
"උඹටත් ඕනි නැති මඟුලක් නෑ..උඹ හොඳ හොඳ සෙල්ලම් ටිකකුත් අල්ලලානෙ ගියේ..කන්න දුන්නේවට එහෙම..මතකයි නෙහ්..අමතකයි කියලා නම් හිතන්නෙපා.."
"හරි හරි මං ඔයාගෙන් සමාව ඉල්ලුවනෙ..මං පිළිගන්නවා වැරැද්දක් උනා කියලා..මන් ඇත්තටම හදිස්සි උනා වැඩි..ඔයාට කේන්ති යන එක මන් දන්නවා සාධාරණයි කියලා..ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ.."
"උඹ හිතනවද උඹට ආයෙ එහෙම දෙයක් කරන්න මං උඹ එක්ක එහෙම ඉඳිවි කියලා..එහෙනම් උඹට වැරදිලා මල්ලි..එහෙනම් උඹට වැරදිලා..මන් කිසිම එකෙක්ට දෙපාරක් චාන්ස් දෙන මනුස්සයෙක් නෙවෙ පහන්..." !
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...