වැහිකෝඩ 43

1.5K 99 7
                                    

#හතලිස්_තුන්වෙනි_කොටස 💜️

නුරාග් මේ කියපු වචනයක් වචනයක් ගානෙ මං අහන් හිටියේ ගල් ගිලලා වගේ..ඔක්කොම එක රෑක හීනයක් තරම්..මං හීනෙකින්වත් හිටපු නැති දේවල් මේ විදියට ජීවිතස්සේ වෙලා තියෙනවා මේ ටික කාලෙ..මොන දේ උනත් එකෙන් අන්තිම අසරණ වෙලා ජීවිතෙත් නැති කරගන්න තරම් ප්‍රශ්නයක් වුනේ අර පාඩුවේ හිටිය අහිංසක කොල්ලට..දීප්ත උඹ පුලුවන්නම් මාව හොයාගෙන වරෙන් රත්තරන්..මං කවදාවත් ආයෙ උඹව තනි කරන්නෙ නෑ..මගෙම සහෝදරයෙක් වගෙ මං උඹ එක්ක ඉන්නම්..මං මෙහෙම හිතුවත් ඒක කවමදාවත් හැබෑ වෙන්නැති හීනයක් කියන්න මං දන්නවා..මගේ ජීවිතේ ට මට ඕනි වෙලා තිබ්බෙ මෙච්චර කාලෙකට නුරාග්ව විතරයි..ඒත් මට දැන් මගේ ජීවිතේ නැති උන සහෝදරකමකුත් හිඟන්න වෙලා...

"සුදු.."

"ම්..."

මං නුරාග්ගෙ මූණ බැලුවේ මහ අසරණ හැඟීමකින්..

"හිතනවද නුරාග්..තමන්ගෙ ලෙයින් හැදිච්ච තමන්ගෙ දරුවට තමන්ගෙම සහෝදරයෙක් එක්ක කතා කරන්නවත් නුදුන්නු අප්පෙක් මෙහෙම සම්බන්දෙකට ඉඩ දෙයි කියලා.."

"මං ඒක කියන්න දන්නෙ නෑ පහන්..මං මට පුළුවන් උපරිමෙන්ම හැමදේම කරනවා..අපිට පුළුවන් තරම් දවසක් සතුටින් ඉන්න පුළුවන් වෙයි.."

"හෙටක් නැති අදක ජීවත්වෙන්න හීන මවලා තේරුමක් තියෙනවා කියලා හිතනවද.."

"හෙටක් ඕනි නෑ..හෙටක් නැති රටක අපි අද ගැන විතරක් හිතලා ජීවත් වෙමු.."

"අනේ මංදා නුරාග්..මේ ජීවිත කිසි කමකට නෑ..අර දීප්ත මොන වැරැද්දක් කරාටද දෙයියනෙ ඔහොම දෙයක් කරගත්තෙ..මං එදා හවස එන්න හිටියෙ ඊටපස්සෙ සර් කිව්වා ටික දවසක් බලමු කියලා නැත්නම් මං එනවා..මං ආපු නැති එකේ වැරැද්ද තමයි මේ ඔක්කොටම මුල.."

"හැමදේකටම තමන්ට වැරැද්ද පටවගන්නෙපා පහන්..මෙච්චර කල් හැමදේකටම වැරදිකාරයෙක් වුණෙ උඹනේ..ආයෙ මං එහෙම වෙන්න දෙන් නෑ..."

"මං හිත අස්සෙන් ගොඩක් දුක් වෙනවා නුරාග් මේ ගැන..මට තාමත් මේක හීනයක් වගේ විශ්වාස කරන්න බෑ කිසිම දෙයක්..අද ඊයේ මගේ අතින් අල්ලන් කරට අතදාන් උන්නු මනුස්සයා පෙට්ටියක..මං කොච්චර පව්කාරයෙක්ද..අඩුම මැරිලවත් මූණ බලන්න බැරි තරම්.."

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now