#විසිහතරවෙනි_කොටස 💜️
"ආ මේ දෙන්නා මෙතනනේ යන් යන් අන්න තාත්තා එනවා.."
"ආ..යං එහෙනම් අම්මා..අපි එන්නම්.."
අපි දෙන්නා ආපහු වෑන් එකට නැංගා..අපි කට්ටිය ආපහු එන්න ගනිද්දි මට ටිකක් ඔලුවෙ අමාරුවක් වගෙ ඇවිත් තිබ්බත් ඒ ගමන් මහන්සියට වෙන්නැති කියලා හිත හදාගත්තා..එළියේ තියෙන දේවල් දිහා බල බල ආපු මං නුරාග් දිහා බලන්නත් අමතක කරේ නෑ..ඒ ඇස් මොන වෙලාවක බැලුවත් මං ළඟම..මගෙ ඇස් දෙක අස්සෙම නැවතිලා තියෙන්නෙ..ඇත්තටම මුට වෙන වැඩ නැද්ද දන් නෑ මං දිහාම බලන් ඉන්න තරම්..ඇයි යකො..මගෙ මොන තියෙනවටද..මට ඇත්තටම ඒක හෙන කරදරයක් දැන් නම්..අපි පේරාදෙණි මල් වත්තට ගියත් මට එච්චර ආසාවක් තිබ්බෙ නැ මල්වලට..ඒක නිසාම ගියාට ඔහෙන් මෙහෙන් රවුමක් ගහනවා ඇරෙන්ඩ මගේ හිත සැහැල්ලුවෙන් තිබ්බෙ නෑ මල් වත්තක ඇවිදින්න තරම්..ඒකට අර කෙල්ලො දෙන්නා හායු හූයි කිකිය උඩ පැන පැන පොටො ගහනවයි..අරකයි..මේකයි..මළ මඟලක් මෙතන..මට ලැජ්ජයි උන් දිහා බලන් ඉඳලා..ඒත් අර මනුස්සයා මං ගාවම හිටන් ඉන්නවා..
"යනවකො තමුසෙත් ගිහින් උඩ පයිනවා අතන්ට ගිහින්..මෙතනම ඉන්නෙ.."
"පහනුත් එනවනම් හා..."
"අනේ මේ.."
"මේ දෙයක් කියන්න තියෙනවා.."
මගෙ කනට කරලා එහෙම කිව්වහම මං වටපිට බැලුවේ කවුරුහරි දැක්කද කියලා..
"පිස්සුදෝයි..මොකෙක් හරි දකී.."
"දැක්කත් මොකද..මට ඕනි දේ මං කරන්නෙ..ඇයි මොකො..මට ඕනි නම් මගේකව ඉඹිනවා මෙතනම..."
"හිතේම තියන් ඉන්න වෙයි ඒ හීනෙත්.."
මං එහෙම කිව්වට පස්සේ නුරාග් ආපහු මොකුත් කිව්වෙ නෑ..මගේ හිතෙන් මංම ඇහුවෙ මං මොකද්ද කරන්නෙ කියලා..ඇයි මං මෙච්චර දරදඬු..මං ඇයි මෙහෙම හැසිරෙන්නෙ..ඇත්තටම නුරාග්ට ළං වුණොතින් මට මොකද වෙන්නෙ..මගෙත් ලොකුකම වෙන්නැති මූ මෙච්චර පස්සෙන් ආවත් මං ගණන් නොගෙන ඉන්ඩ..ඒත් මොන දේ උනත් හොඳයි තමන්ගෙ පාඩුවේ තමන්ගේ සීමාව දැනගෙන ජීවත් වෙන එක..ඇඟිල්ලෙ තරමට ඉදමෙන්න ඕන කියලා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ මොකක් හරිය දෙයක් තියෙන නිසානේ..මට කොහොමත් මෙහෙම දෙයක් මෙයා එක්ක පෑහෙන් නෑ..අපි මිනිස්සු වුණත් තත්ත්ව දෙකක..
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...