වැහිකෝඩ 78

1.3K 95 36
                                    

#හැත්ත_අටවන_කොටස 💜️

කසුන් එහෙම කිව්වහම මං තව ටිකක් රත් උනා..මොකද මං ගැන සෑහෙන්න පිරිසක් දන්නවා ඒ කියන්නෙ..ඒත් කොහොමද..? සර් කොහොමද මං ගැන දන්නෙ...?

"සම්බන්දයක්.."

"ම්...හරි ඉතින්.."

"ඒක ඇත්තක්ද.." ?

"කසුන් හිතන්නෙ මොකද්ද..කසුන්ට හිතෙනවද ඒක ඇත්තක් කියලා.."

"ම්..මං දන්නෙ නෑ හරියටම..ඒකයි පහන් අයියා එනකන්ම ඉඳලා ඇහුවෙ.."

"ම්...උඹට දැනගන්නම ඕනි නම්...ඔව් ඒක ඇත්තක්..."

"සිරාවටමද..විශ්වාස කරන්න බෑ.."

"මොකද්ද.." ?

"එහෙම දෙයක් තිබ්බයි කියලා.."

"ම්..හරි දැනගන්න ඕනි දේ දැන ගත්තනෙ.."

"ඔව්ව්..."

"එහෙනම් යමු පහළට.."

කසුනා පහළට එන්න කැමති නෑ..මොකද ඌට ඕනි මං එක්ක තනිවෙන්න..උගෙ හිතේ තියෙන දේ කියන්න ඌ චාන්ස් එකක් හොයන්නෙ කියලා මං දන්නවා..ඒත් මං මොනා කියලා කරන්නද..මං අසරණයි..මං කොහොමද දැනෙන්නෙ නැති දෙයක් මගෙ ගාවට ගන්නේ..එතකොට මාත් අසරණ වෙනවා..එතකොට ඌ තව පව්..නැත්නම් කසුන් කියන්නෙ දාහකින් හොයාගන්න බැරි අහිංසක හොඳ කොල්ලෙක්..මගෙ අවාසනාවට මගේ හිතට ඌව කොච්චර උනත් දැනෙන්නේ නෑ..මගේ හිත රූපයකින් විතරයි දැන් පිරිලා තියෙන්නෙ..ඒ චමත්ක..අර කතාවටත් කියන්නේ මුහුදෙ කොච්චර මාලු හිටියත් ආස එකම එක හාල් මැස්සෙක්ට විතරයි කියලා..මටත් ඒක වෙලා තියෙන්නෙ දැන්...නැත්නම් කොච්චර තෝරු මෝරු ඉන්නවද..? ඒත් අර මුරණ්ඩු ඇට්ටර මනුස්සයා ගැන විතරයි මගේ හිතෙ අදහසක් තියෙන්නේ...

අපි පහළට යනකොටත් සර්රුයි..චූටියි දෙන්නා ඇවිත් හිටියෙ නැති නිසා අපි දෙන්නා පහළ තට්ටුවට ගියා..ඒ යද්දි සර් ඉන්නවා කතා කර කර..චූටිත් ඉන්නවා..

"ආ..මේ ඩබල පහළට ඇවිත්.."

සර් ඇවිත් එහෙම කියලා බබාව අතට ගත්තා..ඒ ගමන නම් සර්ගෙ අතට බෑ නොකියම ගියා කොලු පැටියා..මං හිතන්නෙ නිදි මතෙ..

"නිදි මතේ වගේ බබාට.."

"ඔව් නේද හොඳ සෙල්ලම් ටිකක් නැටුවනෙ...පහන් දැන් යනවද.." ?

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now