වැහිකෝඩ 36

1.6K 114 25
                                    

#තිස්හයවන_කොටස 💜️

"මේ කැළයක් වවාගෙන..කපන්නෙ නැතුව..උකුණො,මකුණො නෙවෙයි අලි කොටිත් හෙට අනිද්දා ලගිනවා..මුස්පේන්තු කමට වවාගෙන වස් දොස් ඔක්කොම මේවගෙ..කපලා දාපන් මෙව්වා ගෙදෙට්ටත් එක්ක මූසලකම.."

"අනේ අතුල්ලන්ඩකො රෙද්ද..කියවන්නෙ.."

"ආ බන් ලොකු මට කියන්ඩ අමතක වුණානෙ..අර ජේමිස්ලගෙ කොල්ලා ඉතුරු සල්ලි ටිකත් ගෙනත් දුන්නා අද..බැන්කු පොතට දාන්ඩ ගිහින්..ඔන්න උඹෙන් මන් ගත්තුවට වැඩිපුරත් එක්ක දාලා තියෙන්නෙ..නාස්ති කරනවා හෙම නෙවෙයි..ඕවා ඕන වෙද්දි ගන්ඩ දාලා තියන්ඩ.."

මට එහෙම්ම අම්මගෙ උකුලෙ නින්ද ගිහින් තිබ්බා..අම්මා මොන මොනවදො කිව්වා කියලා හීනෙන් වගේ මතකයි..ඒත් ඒ මොනාද කියලා මට මතක තිබ්බෙ නෑ උදේ වෙද්දි...

"අම්මේ අපි යනවෝ.."

මං එක්ක මගේ තනියට වගේ චූටිත් හෙවණැල්ල වගේ ළඟින් උන්න නිසාම මට දැන් මං යනවා කියලා කියනවා වෙනුවට අපි යනවා කියලා කියන්න උනා..

"හොඳයි..දෙන්නම පරිස්සමෙන් ගිහින් එන්න..අත පරිස්සමෙන්..තුවාලේ පෑරෙයි..."

"ඒක දැන් හරි ගිහින්.."

අතට උණ තුවාලේ වගේම හිතට උණද තුවාලෙත් ඒ ඉක්මනින්ම හරි ගියා නම්..

අද ශොප් එකට යනකොට ඔක්කොටම කලින් සදීප් ඇවිත් ඇරලා තිබ්බා..

"පුංචි බොස් උදෙන්ම වැඩ අල්ලලා වගේ.."

"නැතුව නැතුව වගකීමක් බාර දුන්නම ඒකහරියට කරන්නඩෙපැයි..හඃ.."

"ටෞකන්ඩ මූ බලකො ගිය උඩ.."

"හරි හරි එහෙනම් කට්ටිය වැඩ ටික පටන් ගත්තා නම්.."

මූ පපුවත් ඉස්සරහට දික් කරන් අත් දෙකත් පස්සට ගැටගහම් එහෙම කිව්වම මං බොක්කට එකක් අනින්න වගේ අත දික් කරහම පිටිපස්සට බැඳගෙන හිටපු අත් දෙක බොක්කටම ආවේ ඉබේටමයි..

"බොස් උනාට කමක් නෑ අන්න ඒ බය තියාගනින්.."

"හඃ..උඹ එහෙම වෙන්නැති ආස.."

අපි ටික කයියක් ගගහා හිනාවෙවී වැඩ ටික පටන් ගත්තා..මං ෂොප් එක ඉස්සරහ ටික අතුගාලා ඒ ටික කරන අතරේ චූටි ඉස්සරහා දූවිලි ටික එහෙම පිහිදලා කරලා අස් කරලා දැම්මා..දීප්ත ඒ අතරේ මල් ටික කඩලා පහන පත්තු කරා..මං අතුගාලා ඉවර කරලා දුම් අල්ලන තට්ටුව අරගෙන පොල් කටු තුන හතරක් අරන් ඒකට ලාම්පු තෙල් ටිකක් හලලා පත්තු වෙන්න දාලා අඟුරු වෙන්ඩ ඇරියේ සාම්බ්‍රාණි අල්ලන්ඩ..මේ ඔක්කොම අපේ සර්ගේ පුරුදු තමයි අපිට පිහිටලා තියෙන්නේ...ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉවර උනයින් පස්සේ තමයි වැඩ ටික පටන් ගන්නේ..උදේ වරුව සුපුරුදු විදියට කරගෙන යන්න පුළුවන් වුණා..

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now