#අසූ_එක්වන_කොටස 💜️
"චමත්ක අයියා අමාරුවෙන් නැගිටලා බයික්කෙ කෙලින් කරෙ එයාටවත් කෙලින් කටින් හිටගන්නවත් වාරු නැතුව..මට මගෙ ඇස් දෙක පියවෙනවා වගේ..අත ඒ තරම් රිදුම් කනවා..නිල් වෙලා ඇති..මං ගොඩක් අමාරුවෙන් ඉවසන් හිටියෙ..අත කුඩු පට්ටම් උනා වගෙ වේදනාවක් දැනුණා..මට මාව පාවෙනවා වගේ දැනුණා..ලොකු ඔලුවෙ කැක්කුමක් ආවා...ඔක්කොම පෙනී නොපෙනි යන්න ගත්තා..
"උඹට අමාරුයි ද සුද්..දු.."
චමත්ක අයියා මට කිට්ටු වෙලා එයාට ළං කරගෙන එහෙම අහනවා විතරයි මට මතක තිබුණේ...
මං ඇස් අරිද්දි හිටියෙ කාගේ හරි උණුහුමක කියලා මට දැනුණා..මට ලෝබ හිතුණා ඇස් අරින්න..මොකද මං හිතන කෙනාම වෙන්න ඕනි මං ළඟ මේ ඉන්නෙ..
වැරදිලා හරි අර එකසැරයක් උනා වගේ මං හොස්පිටල් එකේ සිහිය නැතුවවත්ද..? මට ඇස් අරින්න බෑ හිතුණේ චමත්ක අයියා නම් ඉන්නේ එයා මාව ඈත් කරයි කියලා හිතන්..
මං ලාවට ඇහි පිය ඇරලා බැලුවා..ඔව් මං හරි එයා තමයි..එයාගෙ සුවඳින් මට අඳුරගන්න පුළුවන් උනා..
එළියෙ වහිනවා යාගන්න බැරි තරම්..පුදුම කරුමයක් මේක..අපි ඉන්නෙ බස් නවත්තන තැනක කියලා මට අඳුරගන්න පුළුවන් උනා...චමත්ක අයියටත් නින්දෙ ගිහින්..එයා මාව ළං කරගෙන පපුවට කරගෙන හිටියෙ..මට ලෝබ හිතුණා..කවුද ආස නැත්තෙ තමන් ආදරෙ කරන එකා ගාව අහම්බෙන් හරි කපටිකමකින් හරි තුරුලු වෙලා ඉන්න..මන් නම් හෙනාස කරා..
මං චමත්ක අයියට ආදරෙ කරන්නෙ පොඩි එකෙක් ගාණ්ට කියලා මට හිතුණා..
එතන සෙක්ස් කියන දේ ගැන මට අදහසක් තිබ්බෙ නෑ..ඒත් මගේ හිතේ පිරෙන්න ආදරේ එයා ගැන තියෙනවා කියලා මං දන්නවා..මං හිමීට එයාට නොතේරෙන්න එයාගෙ පපුව ඉම්ඹා..මිනිස්සු පරිණත වෙද්දි දැනෙන ඒ ආදරෙ ගැන නිර්මල,පිවිතුරු හැඟීම මේකද එතකොට..?
ගැහෙන පපුවෙ සද්දෙ මට දැනෙන තරම් එයාගෙ ළඟ මං උන්නෙ..එයත් බිත්තියට ඔලුව තියාගෙන උඩ බලාගෙන නිදි කියලා මට අඳුර මැද්දෙන්ම පෙනුණා..මට නැගිටලා යන්න ඕනි උනත් මේ ලැබුණු චාන්ස් එක නැති කරගන්න තරම් නම් මං මෝඩයෙක් උනෙ නම් නෑ..ඒත් මෙහෙම ඉඳලා හරි යන්නේ නෑ..අද මෙතන ඉන්නයෑ..දැන් දොළහටත් කිට්ටු ඇති..මං අනික් අත හොල්ලනවත් එක්කම මට කෑ ගැහුණා..මගෙ සන්ධි වෙන් උනා වගෙ..
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...