#විසිඅටවෙනි_කොටස 💜️
මං හිතුවේ නෑ ඒ අපේ අන්තිම හමුවීම කියලා..එහෙම වෙනවා කියලා දන්නවනම් එදා නුරාග්ට කලින් මමයි නුරාග්ව මට ළං කරගෙන ඉන්නේ..මං ඇත්තටම මොනවද මේ හිතන්නේ..මට පිස්සු හැදීගෙන එනවවත්ද..ඇත්තටම මං එයාට කොච්චර නම් බැන්නද..කියන්න පුළුවන් ජරාම වචන කියලත් බැන්නා..ඇත්තටම එයාගේ වැරැද්දක් නැති වෙන්න පුළුවන්..මං හැමදාම ඌ එක්ක රණ්ඩු වුණේ ඌ කරපු වැරදි වලට නෙමෙයිනේ..මං ඇත්තටම මහම මහ පව්කාරයෙක්..මාලිගාවට ගිහිල්ලා මල් තියලා වැන්දට මට පින් පිරෙන් නෑ..මං ඒ මනුස්සයා ඉන්න කාලේ මට පුළුවන් තරම් රිද්දුවා..ඌ මට කොච්චර දේවල් කරත් මං සත පහකට ගණන් ගත්තේ නෑ..මා නිදාගෙන හිටපු ඇඳෙන් බැහැලා ගිහින් අල්මාරිය ඇරලා නුරාග් මං එක්ක එදා ගිහින් එයා මට ගත්ත ෂර්ට් එක අරන් ඒක මූණට ලං කර ගත්තේ නුරාග්ව මතක් කරගන්න ගමන්..මං කොච්චරවත් මැරුණු මතක වලට පණ දෙන්න ගියත් ඒක මට කරන්න පුළුවන් උනේ නෑ...මටත් හොරා මගේ ඇස් දෙකෙන් කඳුළු බිංදු ගලන් ගියේ එයා වෙනුවෙන්...
"ලොකු නැගිටින්න දැන්වත්..මේ බත් ටික කාලා නිදාගන්න..මොකද මේ දවල් ඉඳන්ම නිදි..මොකක්හරි අමාරුවක්වත් තියෙනවා ද ආපහු.." ?
නින්දක් නොනින්දත් අතර හිටපු මං අම්මගේ කටහඩ ඇහිලා පොරවන් හිටිය ෂීට් එකෙන්ම කඳුළු පිහිදන් ඔලුව එළියට දාලා හැරිලා අම්මා දිහාව බැලුවා..අම්මා කාමරේ අතුගානවා..
"නෑ..අම්මා එහෙම දෙයක් නෑ..දැන් හොඳයි.."
"හනේ මන්දා බං උඹටත් වෙච්ච දෙයක්..කොහොම හිටිය එකෙක්ද..මං බත් එකක් බෙදාන එන්නද.."?
"පස්සෙ කන්නං..අම්මා ප්රවෘත්ති බැලුවද..අර එදිරිමාන්න.."
"හ්ම්ම්..මං දැක්කා බන්..ඒක එහෙම වුණයි කියලා අපිට ලැබෙන දෙයක් නෑනෙ බං..අපිට මුකුත් ලැබුණ් නැතත් උඹට වෙච්ච දේ ආපහු මකන්න බෑනේ මගේ පුතේ.."
"අනේ මං දා අම්මා එදා මං ජීවත් උනෙත් මහ කරුමෙකට කියලා හිතෙනවා දැන් නම්..සිහිය ආවෙත් කරුමෙකට ඇත්තටම...එක්කෝ එකපාරින්ම මැරිලා යන්ඩ තිබ්බා..එහෙනම් මෙච්චර දුක් විඳින්න ඕනි නෑ..සැනසීමෙන් ඉන්ඩ තිබ්බා.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...