#තිස්පස්වන_කොටස 💜️
ඒ නනා ඉන්නකොට චූටි අතුරුදන් වෙලා කියලා දැකපු මගෙ ඇඟෙ ලේ වතුර උනා..
"චූටි..චූටි..."
"චූටි කෝ යකො උඹ..මාව බයකරන් නැතුව ඉන්න තැනකින් එළියට වරෙන්.."
මුගෙ කිසිම සද්දයක් නෑ පේන්ඩ..මේ යකා ගහගෙනවත් ගියාද..සීතලට වඩා මාව දැන් වෙව්ලන්නේ බයට...
"බුව් වෑහ්හෑ...හහ්.."
"මූ එකපාරම වතුර යටින් මතුවෙලා කෑ ගැහුවා..
"ඈ ගස් පරයො..තොට හැංගෙන්න නෙවෙයි තිබ්බෙ ගහන් යන්ඩ..ඇයි යකො..තොට විහිලුවක් ද..කනට ගහනවා දැනගනින්..යමන් දැන් අම්මා හෙම් ආවොත් හොඳ කුණුහරප වලින් හමන්නයි.."
මං ගෙදෙට්ට එනකන්ම චූටිට බැන බැන ආවේ..තාමත් මගෙ පපුව ගැහෙනවා..මේ හිවලා හින්දා දවසක මං මැරෙන්නෙත් ලලිතා පුංචිගෙ අඩි පාරෙම ගිහින්..
"මේ වරෙන් ඉක්මනින් යන්ඩ..මගෙ හිතට හරි නෑ.."
හෙට උදෙන්ම ගෙදර යන්න නගින්න ඕන..අම්මලා සමහරවිට ඉඳී මං යනවා මට යන්න එපැයිනේ..පහුවදා කොහොම වුණත් අම්මත් අපිත් එක්ක යන්න ආවා..සීතාච්චි ඉන්ඩ ඉන්ඩ කියද්දින් තමා අපි ආවේ..පුළුවන් වුනොත් තුන්මාසේ දානෙටත් එන්නය කියලා සීතාච්චිගෙන් වදේ..අපි දෙන්නට රුපියල් දෙදහ දෙදහ දීලා බඩු ගෝනියකුත් පටවලමයි අපිව එව්වේ..ආපු මහන්සියටත් එක්කම එදා මන් නොකා නොබී නිදාගත්තෙ හෙට වැඩට යන්න ඕනි නිසා..නොකිව්වට මොකද මොනරාගල ගියා පස්සෙත් නුරාග්ව හැම වෙලාවකම මතක් වුණා..මට ඇත්තටම පුරුදු රෙස්පට් එක දාගෙන නුරාග් ඉස්සරහ ඉන්න තිබ්බා..හිත පොඩ්ඩක්වත් හොල්ලගන්නැතුව..එහෙම හිටියනං අද මම අබ්බගාතයෙක් වගේ මෙහෙම ඉන්නෙත් නෑ..මාව දැන් කඩන් වැටිච්ච මනුස්සයෙක් වෙලා ඉවරයි..මොන දේ කොහොම කරත් හැමදේම හදාගෙන තිබ්බ විදියට ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි කියලා මට තේරෙනවා..
"ගුඩ් මෝනින් සර් මේ අයි කමින්..."
"යස් කම් ඇන්ඩ් සිට්..ගුඩ්මෝනිං පහන්..කොහොමද ගිය වැඩේ හරියට උනාද.." ?
"ඔව් සර්..වැඩ ටික නම් කෙරුණා..තෑන්ක්ස් සර් චාන්ස් එකට.."
"ඒකට කමක් නෑ..පහන් මොකද්ද හිතන්නෙ මේ ගැන.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...