#විසිදෙවන_කොටස
පහුවදා උදෙන්ම නුරාග් මට එන්න කියලා තිබ්බ තැනට මං ගිහින් ඌ එනකන් හිටගෙන බලන් හිටියා..මූ මහ ලොකුවට එන්නම් කියලා නං කිව්වේ නවයට ඒත් දැන් නවය හමාරටත් ලඟයි නුරාගයා කියා උගෙ බල්ලෙක්වත් පේන්ඩ නෑ..මං පිටිපස්සේ තිබ්බ ගොඩනැගිල්ලට ඉස්සරහින් ගහලා තිබ්බ යකඩ බරාඳෙට හේත්තු වෙලා කකුලකුත් පිටි පස්සට කරන් නවාගෙන හේත්තු වෙලා හිටියේ කකුල් රිදෙන හන්දා...අම්මා කට කැඩෙනකං කිව්වේ පරිස්සම් වියන් පරිස්සම් වියන් කියලා..නන්නාදුන උන් එක්ක කතාවට යන්න එපා..උන් දෙන ඒවා කන්න එපා...නොදන්න තැන් වලින් නාන්න එපා..කියවලා කියවලා කියවලා කියවලා තමා අන්තිමට ගෙදරින් එව්වේ..වෑන් එකක් නම් ඇරගෙන එනවා මේ පැත්තට කවුද බලමු...මූ මාව සුදු වෑන් එකකින් උස්සන්නවත් ආවද එකපාරටම.අම්මා ඊයෙ කිව්ව කතාව මතක් උනායින් පස්සේ මට හොඳ දාඩියකුත් දැම්මා..බලමුකො වෙන දෙයක් වෙයිනෙ.."අඩෝ පහන් සෝ...රි බන්...ටිකක් පරක්කු උනා..ඉක්මන් කරලා නැගපන් වෙලා ගිහිල්ලා තියෙන්නේ දැනටමත්..."
නුරාග් වෑන් එකේ දොරක් ඇරලා මට ඉක්මනට කතා කරාට පස්සේ මම ඉක්මනට වාහනේට පැනගෙන වටපිට බැලුවෙ කොහෙද ඉඳගන්නෙ කියලා...ඉස්සරහ ශීට් එකේ කෙල්ලො දෙන්නෙකුයි...මැදි වයසෙ ගෑණු කෙනෙකුයි..චූටි කෑල්ල හෙනම ලස්සනයි..ඉටි රූපෙ වගේ..මං දෙපාරක් ඒකි දිහා බැලුවා..වයස දහටක් දහනවයක් ඇති...
"මෙතනට වරෙන් පිටිපස්සට මං ගාවට..ඔය ඉස්සරහ යන්නෙ කෙල්ලො..තව ඉස්සරහින් තව කෙල්ලො දෙන්නෙක් නගිනවා.."
එහෙම කිව්වා විතරයි ඉස්සරහ හිටිය කෙල්ලො දෙන්නා කටවලුත් වහගෙන සිරික්කිය දැම්මා..මොම රෙද්දකටද මුන් හිනාවෙන්නේ..ලද අවසරින් මං ගිහින් නුරාග් ගාවින් වාඩිවුණේ හිතේ අමුතු චකියකුත් තියාගෙන..කොල්ලා අද වෙනදට වඩා ජෙන්ඩි පහට ඇඳලා හිටියම මගේ හිත ගැස්සිලා ගියේ උගේ ලස්සන දැක්කට පස්සේ..නුරාග් ඇත්තටම හොටෙල් එකේ ඉන්නකොට වෙන එකෙක්...මං ගාව තනියම ඉන්නකොට වෙනම එකෙක්...තව වෙලාවකට වෙනම එකෙක්...ඌ කොහොමත් මහ අමුතු ඩයල් එකක් තමා..අන්තිමට කොහෙන් ගිහින් නවතීද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ..
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...