වැහිකෝඩ 80

1.1K 103 115
                                    

#අසූවන_කොටස 💜️

"මේ දරුවා ලොකු පුතාගේ යාලුවෙක් කිව්වනෙ..." ?

චමත්ක අයියගෙ තාත්තා එකපාරටම කතාව වෙනස් කරන ගමන් හැරුණෙ මගේ දිහාවට..ඒ මනුස්සයා නෙවෙයි මනුස්සයගෙ ඇස් දෙක..මං ශොක් උනේ එකපාරටම ඒ මනුස්සයා කතාව වෙනස් කරන්නද නැත්නම් මං ගැන කතා කරන්න ඕන නිසා කතාව නැවැත්තුවද කියලා...

"නෑ...අප්පච්චි මේ යාලුවෙක්මත් නෙවෙයි..මල්ලි කෙනෙක් කැම්පස් එකේ.."

"ආ..එයත් ගියෙ නැද්ද නිවාඩුවට ගෙදර.." ?

"නෑ අප්පච්චි එයා ගිහින් ආවේ.."

"කොහෙද ඉතින් අල්ලපු වත්තෙ ඉන්න මනුස්සයටනෙ එන්න බැරි..හොඳයි..හොඳයි..ඔහොම ඉන්නකො මං දෙන්නට බොන්න මොනා හරි අරන් එනකන්.."

ඒ මනුස්සයා නැගිටලා ගියායින් පස්සෙ මට මේ දෙන්නගෙ කතාව මේ වෙනකොටත් ප්‍රශ්න පත්තරේකට මඟ පාදලා තිබ්බා..උන දේ හිතාගන්න අමාරුයි..චමත්ක අයියා කිව්වෙ ගෙවල් බණ්ඩාරවෙල කියලනෙ..අඩෙ නෑනෙ චමත්ක අයියා ඒක ඇහුවම මට කිව්වෙ නෑනෙ..මිෂෙල් මැඩම්නෙ කිව්වෙ චමත්ක අයියා බණ්ඩාරවෙල කෙනෙක් කියලා..එතකොට කොහොමද මෙහෙම වෙන්නෙ..අනෙ මං දා හිතාගන්න බෑ..එතකොට අවුරුද්දට ගෙදර ගියේ නෑ කියලා කිව්වනෙ මෙච්චර ළඟක ගෙදර තිබිලත්..මොකද්ද අප්පා ඒ ගමන මේ වැටුණු නූල් බෝලේ...මට වැඩක් නෑ..වෙන දෙයක් වෙච්චාවේ..

ගේ පිටිපස්සෙන් බල්ලෙක් උඩු බුරන සද්දෙයි,පහුරු ගාණ සද්දෙයි ඇහුණා..මොකො නිකන් මන් බය උනා එකපාරටම..මන් වෙන සිහියක හිටිය නිසා..චමත්ක අයියා දැක්කා ඒක..

"ම්.." ?

එයා මන් දිහා බලලා මොකද කියන්න වගෙ ඇහුවම මන් ඔලුව දෙපැත්තට හෙල්ලුවා මුකුත් නෑ කියන්න වගේ..එයා මගේ පිටට තට්ටුවකුත් දාලා මං ඉඳගෙන ඉන්නැද්දින් නැගිටලා චමත්ක අයියගෙ තාත්තා ගිය පැත්තටම යන්න ගිහින් එතනින් තිබ්බ කාමරේකට ගියෙ දොරත් සද්දයක් නැති වෙන්න ඇරගෙන..ඒත් චිරීස් ගාලා සද්දයක් ඇහුණා..

මේ මනුස්සයා මාව දාලා ගියානෙ ගස් බල්ලා..දැන් අර බුරාපි බල්ලවත් ඇවිත් මාව හපලා දැම්මොත් මටත් හරි..මූ නම් අම්මපා..අර ඉස්සරහ දොරත් ඇරලා දාලා හායි ගාලා..පුදුම ආගන්තුක සත්කාර මෙව්ව නම්..එළියෙ හුළං පාරත් සැරයි වැස්සක් එන්න වගේ..

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now