#අසූ_දෙවන_කොටස 💜️
"ඔව්..මේ ඔය දෙන්නා පස්සෙ වෙලාවක ඇවිත් මාව මීට් වෙන්න..මට මං ඒ කියන්නෙ මං දන්නවා චමත්ක කවුද කියලා කියන්න..චමත්ක ගැන එයාගෙ කලර්ස් මං දැකලා තියෙනවා..මට කෙනෙක්ව ඔයගොල්ලොන්ට අඳුන්වලා දෙන්න ඕනි..එතකොට පහන්..පහන් කොහොම කෙනෙක් ද කියලා මං දැනගෙන හිටියෙ නෑ..මේ සැරේ පහන්ගේ කලර්ස් දැක්කත් ඊට කලින් ඉඳලම චමත්කගෙනුත් මං අහලා බැලුවා මේ දේ ගැන..ඉතින් චමත්කගෙ කීමත් අහලා ඒ දේ වැරැද්දක් නෙවෙයි කියලා හිතාගෙනයි පහන්ටත් චාන්ස් එකක් දෙන්න හිතුවේ...මං එහෙනම් ඔය දෙන්නටම පණිවිඩයක් දෙන්නම්..පහන්ට කෙසේවෙතත් මං හිතනවා චමත්ක මේ දේන් උපරිම ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි කියලා..පහන්ට කල් තියෙනවා තව..ඒ දේවල් මං හරි වෙලාවට ලැබෙන්න සලස්වන්නම් තමන්ගෙ දක්ෂකම් එක්ක..මේක කැම්පස් එක හරහා ලැබෙන දෙයක් නෙවෙයි..මේක මං මගේ සතුට වෙනුවෙන් කරන දෙයක්.."
මැඩම් එහෙම කියලා යන්න ගියහම මට ඒ කිව්වෙකක්වත් තේරුම් ගන්න නම් බැරි උනා..ඔහේ මොනවදො කියවලා ගියා..
"ආ ඒක නෙවෙයි ළමයිනෙ..වැඩිපුර ඒ ගැන හිතන්නෙපා හොඳද..අනික පහන්,චමත්ක පරිස්සමෙන් දෙන්නම.."
"ඒ මොකද මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්වත්ද.." ?
මන් ඇහුවම මැඩම් මන් දිහා රවලා බැලුවා..
"ඔය ළමයි දෙන්නට ප්‍රශ්නයක් වෙන්න කලින් කියුවෙ දරුවෝ..මන් කැමති නෑ මගේ හොඳම ගෝලයෝ දෙන්නෙක්ට කවුරුත් මොනවත් කියනවට ඒකයි මන් කලින්ම කියුවෙ.."
මැඩම් එහෙම කියලා ආයෙ යන්න ගියහම අපි මූණට මූණ බලාගත්තා..
"මොකද්ද ඒ කිව්වෙ.." ?
චමත්ක අයියා මගෙ ඔලුවට එකක් දුන්නා..
"මට ගහන්නෙ රෙද්දටද.." ?
"තමුසෙනෙ දන්නෙ.."
"ඒක නෙවෙයි එතකොට අර මොකද්ද ඒ කිව්වෙ..මං ගැන මැඩම් මොනාද ඇහුවෙ ඔයාගෙන්..මොකද්ද ඒ කිව්වෙ..කවුද එතකොට අර ඉන්නවයි කිව්වෙ හම්බවෙන්න.."
"චහ්.මං දන් නෑ ඕයි..."
"දන් නෑ කියන්නෙ තමුසෙනෙ කියලා තියෙන්නෙ.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...