වැහිකෝඩ 47

1.5K 85 32
                                    

#හතලිස්_හත්වන_කොටස 💜️

""ඔව් සර් මට කොහොමත් දැන් මේ වෙච්ච දේවල් එක්ක ඔය වගේ දෙයක් කරන් යන්න අමාරුයි..ඒකයි මං මට බැරි වෙයි කියලා කිව්වෙ..ඇරත් සර් මට සල්ලිම විතරක් හොයන්න ඕනි නම් මං කොහොමත් ඒක බාරගන්නවා..විසි තිස් දාහක් පඩි වැඩිවෙනෙකෙ මටත් නිකම්ම සල්ලි හොයන්න පුළුවන් උනත්..මට එහෙම ඕනි නෑ සර්..දීප්ත වෙනුවෙන් මට පුළුවන් හැමදේම මං කරනවා සර්.."

"හරි පහන් මට තේරෙනවා ඔයා ඉන්න සිටුවේෂන් එක මොකද්ද කියලා..පහන්ට ඕනි නම් සතියක් වගේ නිවාඩුවක් ගන්න..අරන් ඔලුව නිදහස් කරගෙන එන්න..ඔක්කොටම කලින් ඔලුව නිදහස් කරගන්නෙපැයි..මං හිතුවෙ නෑ පහන් ඔය තරම් දීප්තට ළඟයි කියලා.."

"ඕනි නැ සර්..එතකොට තව අවුල් මට..දීප්ත මට ළඟයි කියන්නෙ සර් මං වෙනුවෙන් දීප්ත ගොඩක් දේවල් කරා..සර් වුණත් දන්නවනෙ හොස්පිටල් හිටිය කාලේ හැමදේම කරේ දීප්ත..ඊටපස්සෙ මට ප්‍රශ්න ගොඩක් ආවා..ඒ හැමේකක් පස්සෙම හිටියෙ දීප්ත හෙවණැල්ලක් වගේ..ඒ වගේම දීප්ත උගෙ අවුල් ගොඩක් මට පවුලෙ දේවල් ඒවා පවා ඔක්කොම කියලා තියෙනවා..එහෙම බලද්දි ඒ ඔක්කොම එක්ක මං දීප්තට ගොඩක් ලං වුණා..අපෙ ගෙදර අම්මා පවා දන්නවා දීප්ත ගැන.."

"හ්ම්...මට තේරෙනවා පහන්..වැඩිපුර හිතන්න යන්නෙපා..ඉන්න මොහොතේ සතුටින් ඉන්න බලන්න..අපි වුණත් අද හෙට මැරෙයිද කියලා දන්නෙ නෑනෙ පහන්..මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න..එතකොට ලේසි.."

"හරි සර්.."

"හොඳයි දැන් ගිහින් වැඩක් කරගන්න..මං උවමනාවක් වුණොත් කතා කරන්නම් පහන්ට.."

"හරි සර් ඒත්.."

"අහ්.."

"නෑ නෑ සර් මං යන්නම්.."

මං ඔෆිස් රූම් එකෙන් එළියට ඇවිත් වොෂෲම් එකට ගිහින් මූණ පොඩ්ඩක් සෝදගත්තා..තේ වෙලාවත් ඇවිත් කට්ටිය තේ බොනවා..

"ආ බන් උඹේ තේක..."

"ආ බන් උඹෙ බනිස් ගෙඩිය.."

"විකාර නැතුව කාපන් බල්ලො..ඔබනවා මේ බනිස දැන් මං උබෙ පුකෙ කෑවෙ නැත්නම්.."

"ඊකේ බං..ගෑණු වගේ නාඬා ඉඳපන්කො බාන්..මොකද්ද ශික් උඹ නම්.."

කෝ අද එහෙම කියන්න දීප්ත මං ළඟ නෑ...චූටිම විතරක් මං එනකන් හිටියේ..මොන දේ වුණත් චූටි මට කිසිම වෙනසක් නොකර ඉඳිවි කියලා හිතනෙකත් වැරැද්දක් ද මං දා..

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now