#හැටපස්වන_කොටස 💜️
මං එකපාරටම මං බෙල්ල උස්සලා උඩ බැලුවෙ පුරුදු සුවඳක් දැනුණු දෙයක් ආවා වගෙ දැනුණු නිසා..මට හෙන ගැහුවා වගේ..කොක් බෝතල් ටික අරන් ඇවිත් මං ගාවින් නැවිලා මේසෙ උඩින් එකේක තියන ගමන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි චමත්කයා..
"ජේෂ්‍ය්ඨතුමා මෙහේ...."
අපි ඔක්කොම උන් හිටි තැන් වලින් හිටගත්තෙ කැම්පස් එකෙ පුරුද්දටමද..කෙළවෙයි කියලා තියෙන බයටද කියලා අපි එකෙක්වත් එකෙක් ගැන දැනගෙන උන්නෙ නෑ..
"මං ජේෂ්‍ය්ඨතුමා වෙන්නෙ කැම්පස් එකේ විතරයි බන්...මේක මගෙ ජොබ කරන තැන..උඹලා කාපල්ල.."
ගිනි අරන් පිච්චිලා අලු වෙන තරම් මං දිහා බැල්මකුත් දාපු ඌ ගියායින් පස්සෙ මං කෙල ටිකක් ගිල්ලේ හුස්ම ගන්නෙකත් අමතක උනා වගෙ වෙද්දි..
"උඹ ඉවරයි පහන්..යුවර් ටයිම් හෑස් කම් බ්‍රෝ..ගුඩ් ලක්...මාලුවා නහින්නෙම කට හින්දා..තෝ නහින්නෙත් බෙලෙක්ක කට හින්දා.."
"අඩේ..ඇහුණද දන් නෑ.."
"ඇහුණද දන් නෑ කියන්නෙ හු|ත්තො උගෙ කන් බීරිද..තො කියවන් කියවන් ගියානෙ.."
"තොපිත් මහා හු|කන චරිත..එකෙක් කිව්වෙ නෑ ඌ එනවා කියලා..නෙදකින් බන්..උඹලත් මහ ශික්....දැන් බලපන්කො මං මොකද්ද කරන්නෙ දැන්.." ?
"අපි දැක්කද බල්ලො..ඔක්කොම හිටියෙ කයිය ගගහ.."
"ආයෙ කුප්පිවලට හෙම ගිහින් හමාරයි.."
දැන් හරිනෙ අමාරුව..දැන් සැපයි නේ...එහෙව් බැල්මකින් සිතිජයා මං දිහා බලන් උන්නෙ..මදැයි ඉතින් කොරගත්තා..ගූ හත්පොළෙ ගා ගත්තා වගෙ දැන්..දැන් ඉතින් හිටියටත් වඩා අමාරු වෙයි..මහ කාලකණ්නි දවසක් අද..අපි ටික ඔක්කොම කාලා ඉවර වෙලා එන්න ආවත් එතකොටත් චමත්කයා හිටියෙ නෑ..අපේ හිත්වලට හරි නෑ..හිත්වලට විතරක්ම නෙවෙයි චමත්කයා මොන සීන් කෝන් එකේ උන්නත් දැන් මෙතන ඔලුව නවන් හිටියට කැම්පස් එකට ගිහින් මොන වාඩුව අල්ලයිද දන් නෑ..නෑ විශ්වාස චමත්කයව...වෙන දෙයක් වෙච්චාවේ කියලා වචනයක් හරි කතා කරන්න බැලුවත් හිටියෙ නැති නිසා අපි ආවේ පස්සෙ වෙලාවක කතා කරලා සමාව ගන්නවයි කියලා හිතන්..බොන්න ගිය අපිට බොන එකත් අමතක උනේ ඒ නිසයි...
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීම...