05

387 41 16
                                    

" පේළි පේළි ගෑණු ළමයි මා දිහා බලා..
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා ......... බලපන්.... ඉස්කෝල වල කරල් දෙකක් ඔලුවෙ ගහන් ඉන්න කෙල්ලො සෙනසුරාදා ඉරිදා ට ටවුමට බහින්නේ මිස් වර්ල්ඩ්ස් ල වගෙනෙ.."

වත්සුක සද්දෙට ඒක කිව්වෙ නැතත් අපෙ ක්ලාස් එකෙම කෙල්ලෙක් අපි දිහාවට ඔරවලා ගස්සන් යන්න ගියේ නිකම් අපි ඒකිට අතවර කළා වගේ..

" සද්ද නොකර ඉඳින් පගො... අර කෙල්ලත් අමුතු විදියට බැලුවා.. "

" කෙල්ලො බැලුවට කරන්න දෙයක් නෑ.. සීදේවි මගෙ විතරමයි ..."

" කියන්නෙ නෑ මන් සීදේවිගෙ කවුද කියල උඹ...!!!! "

අපි හිටියේ ඉංග්ලිශ් ක්ලාස් ඉවර වෙලා ක්ලාස් එකෙන් එළියට එන ගමන්....හරි මං ඉංග්ලිශ් ටීච කෙනෙක් ගෙ දරුවෙක් බව ඇත්ත.. අපි මේ ක්ලාස් එක්කෙ ආතල් එකට.... ඒකෙ මොකද්ද තියන ආතල් එක කියල හිතුනට...ඒකෙ හෙනාතල් එකක් තියනවා.. චිතේර කෙල්ලෙක් ලයින් කරනව... වත්සුකයා ත් කෙල්ලෙක් ෆ්ලර්ට් කරනව...ඕක සෙට් වෙන්නෙ නෑ හැබැයි මම ඔය රඟපෑමෙ ලොකු ෆෑන් කෙනෙක්..... සිරාවටම....අනර්ඝ අයියා දන්නවනම් මූ මෙහෙම එකෙක් ය කියන්න..... ඌ පොළොවෙ පස් කකා අඬාවී....ඌ මළොත් අරූට මොකද වෙන්නෙ....උගෙ හොර මිනිහා.. අනේ උටත් යන එන මං නැතිවේවි....ඕකට නම් මොක උනත් මොකෝ අනර්ඝ අයියා පව්..ඒකා සිරා කරන්නේ... අපේ එකා ට ඕක නොකියා ඉන්නේ හදිසියෙ වත් ඌ ස්ට්‍රේට් නම් අනර්ඝ අයියා එපැයි තනියම.දුක් විඳින්න....අනික මූට අනර්ඝ අයියාව අල්ලන්නෙ නෑ වැඩිය....ඌගෙත් ඉතින් ලොකුකම නෙ.... එහෙම නැතුවත් බෑ දකුණ හොල්ලන් ඉන්න බිස්නස් කාරයෙක් ගෙ පුතෙක් උනාම ලොකුකමට ඉන්නෝන මන් කියන්නේ.... කොහොමහරි ඔය ක්ලාස් එකට සයුන්දි අක්කාත් එනවා..... එයා නම් හැමදාම ක්ලාස් එනව.මම එන්නෙ මාසෙට වතාවක් වගෙ... මිස් මුකුත් කියන්නෙ නෑ.. ලකුණු තියනවනෙ.... අනික අපි එන යන දවස් මිස් ට මතකෙ නෑ මොකද ඒක දහය එකොළහ ළමයි දෙගොල්ලොම දාලා කරන්නේ සෙනසුරාදා ඉරිදා බදාදා දවස් තුනෙන් කැමති දවසක කැමති විදියට යන්න පුලුවන් ... අපි කැමති විදියට යන්න පුලුවන් හන්දා හිතුන දවසක ගිහින් එනවා.. හැබැයි එහෙම කරන්නෙ ඒකට විතරයි ඉතින්....

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now