34

196 20 6
                                    



" නැකිටපාන්න්න්න්න් .... මල්ලේඒඒඒඒඒ....."

කන අස්සෙ කීං ගාන සද්දයක් එක්ක මම ගැස්සිලා ඇහැරෙන්න ත් කලින් මට දැනුනේ මාව ඇඳෙන් ඉස්සෙනවා...

"මොන හු....." කටින් එළියට පනින්න ගිය ටිකත් නතර වුණේ ඇස් ඇරෙද්දි මම පොළො මට්ටමට අඩි දෙකතුනක් උඩ හිටිය නිසා...

" සංදේශ් අයියේ #*තක් නොකර මාව බිමින් තියපන්...!!!!"

" ඕයි මල්ලි මේ කට සද්ද වැඩී ආහ්..." සන්තුර් අයියා එහෙම කියන ගමන් ම මාව තව ටිකක් උස්සලා කරට අරන් පඩිපෙළ බහින්න ගත්තා...

" මොකද්ද යකෝ වෙලා තියෙන්නෙ තොපිට ?"

ඒ අස්සෙ මුන් සේරම එකතු වෙලා හොඳට හිනා වෙනව... පව්කාර යාලුවෙක් හිටියා බලද්දි ඌත් මුන්ට සපෝට් ... උගෙ මිනිහා ඊට හතයි... ඔක්කොම දමාගන වීඩියෝ කරනව....එතකොට දැන් ' මමත් ආදරෙයි මගෙ බෝසිළු යැයි යැයි ' කියපු මගෙ මිනිහා කෝ......මම කිව්වෙ මගෙ ඔපීසියල් මිනිහා.

නෑ ඌ පේන්න වත් නෑ....

දොර ඇරියත් එක්කම ඇඟම හිරිවට්ටගන  ආව සීතල හුළං පාරට දතකට පූට්ටු වෙන්න එද්දි මම තවත් තද කල්ලා ඇස් දෙක පියාගත්තා...  මම නිදහසේ හිටිය අන්තිම තප්පර ටික ඒ ටික වෙද්දි මුන් සේරම මාව දමලා අතෑරියේ විලා එක ඉස්සර තිබ්බ දොළ පාරට..

"හුක්..."

මම කෙලින් ම ගිහින් මොහොකදො හැප්පෙද්දි මම ඇස් ඇරියා..

" මො......ඔයාත් මේකෙද.....?"

මම ඒ අහනවත් එක්කම මාව ඇදිලා ගියේ එයාගෙ ඇඟ අස්සට... මේකා අයිස් වගේ..

" ම්ම්ම්ම්න්... මුන් ඇඳ රෙද්ද පිටින්ම මාව උස්සන් මේකට අතෑරියනෙ...."

" මුන්ට මොන යකා ගහලද අයියෙ!"

" අඩෝව්ව්ව්ව්ව්ව්.... ආඛ්‍යාන් ......#@තෝ.......  කන්ග්‍රැජුලේශන්ස් පගෝ........ !!!!!! මිශන් එක කම්ප්ලීටඩ් යකෝ......"

සන්තූර්  අයියා ගොඩ ඉඳන් එහෙම කෑ ගහද්දි ආඛ්‍යාන් අයියා ඇස් ලොකු කරගත්තා...මුන් ගෙ මොකක් හරි හොරයක් තියනව ....ශේප් එකෙ අල්ලගන්න ඕන පස්සෙ වෙලාවක මට මේ ඕක නෝට් වුණු පළවෙනි වතාව නෙමේ....

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now