මාසෙකටත් වඩා ගත වුණා......නිකමට වත් දැනුනේ නෑ.... එක්සෑම්ස් , කළා උළෙලවල් කොන්සර්ට්ස් අරවා මේවා හන්දා ද මන්දා... මාසේ හරියට දැනුනේ සතිය වගේ....ඒව මොනවද අවුරුද්ද ගිය වේගේ බලද්දි ! මට තාමත් අද වගේ මතකයි ස්පෝර්ට්ස් මීට් දවස් පවා.... ඒත් මේ මාසේ ඇතුළත හුඟක් දේවල් වෙනස් වුණ.. ඒ ගැන හිතද්දිත් මට දැනෙන්නේ මහා පුදුමයක්.... අනර්ඝ අයියා හිතුවාටත් වඩා වත්සුකට ආදරේ කරනවා කියලා මට තේරුණා... මම මුලදි බයෙන් හිටියේ...මේවා අපෙන් පිටට යාවි කියලා... අපෙන් කිව්වෙ වත්සුකයි මමයි ඇරෙන්න ඒ ගැන දන්න කිසි කෙනෙක් නෑ..... ඇරත් එයාලා අෆෙයා එක පටන් ගත්තත් හරි කවදාවත් ඒ ගැන කතා කරලත් නෑ. මම මතක් කරලත් නෑ එයා කියලාත් නෑ......මම හිතන්නේ වෙන්න ඕන දේ ත් ඒක තමයි.... ඒක අපේ යාලුකම මාර විදියට සරල කරනවා... අනර්ඝ අයියා වත්සුකට හුඟක් සපෝට් කරනවා.. අනර්ඝ අයියා උට වඩා අවුරුදු තුනක් වැඩිමල් නේ... මෙහෙමයි තුනක් කියන්නෙ මහා ලොකු ගැප් එකක් නෙමේ තමා ඒ උනාට අනර්ඝ අයියලා ඉන්න විදියයි අපි ඉන්න විදියයි හාත්පසින් ම වෙනස්.... උන් දෙන්නා ලව් කරන්න ගත්තා කියලා වෙනසක් නෑ..කොටින් ම උන් දෙන්නා කොච්චර ළඟ හිටියත් උන් කපල් එකක් කියලා මට මීටර් වෙන්නෙත් නෑ... අනර්ඝ අයියලාගෙ දිහාට කට්ටියම සෙට් වෙලා දැන් පාඩම් කරනවා.. ඒ ගොල්ල දැන් තර්ටීන් නේ....වෙලාවකට හිතුනොත් මායි වත්සුක යි ත් ගිහින් එහෙ ඉඳන් පාඩම් කරනවා.. අයියලා හතර දෙනාම නයින් ඒ දැම්ම පොරවල් නිසා උන් දන්න දන්න විදියට අපට පුලුවන් තරමින් උදව් කරනවා...ඒ විතරක් යැ අනර්ඝ අයියාගෙ පොඩි දූ පොඩිත්ත කේලා.... අනෙ අම්මේ.....ඒ කෙල්ලත් එනව පොතක් උස්සන් අපි එක්ක ස්ටඩී කරන්න කියලා....
මට කේලා ව දකිද්දි හරියට අමන්ධ්යා ව මතක් වෙනවා..කේලාත් හරි හුරතල් ....චූටි ඇඟක් එක්ක සැර කටක් තියන හුරුබුහුටි කෙල්ලෙක්.... අමන්ධ්යා ට ත් කතා කරන්න පුලුවන් නම් ඒ ගානට වත් කට සද්දට තියෙයි..... එයා මාමා ට මාර ආදරෙයි.....එයාගෙ තාත්තා කැලේ මාමා ඉද්දි... ඒ පණ්ඩිත කෙල්ල අනර්ඝ අයියාට විතරක් නෙමේ අපට කතාකරන්නෙත් මාමලා කියලා.. එයා එයාගෙ වෙන්න චුටි මාමටත් හෙන ආදරෙයි.....කේලා විතරක් නෙමෙ නිමන්ත අයියා හසලි අක්කා ඒ කිව්වෙ කේලා ගෙ අම්මා ඒ හැමෝම හරි ආදරණීය නිහතමානී මිනිස්සු.... නිමන්ත අයියා ආකිටෙක්චර් කෙනෙක්... අනර්ඝ අයියා බිස්නස් සයිඩ් එකෙන් ඉගනගන්න නිසා එයා බිස්නස් ටික සේරම අනර්ඝ අයියාට දෙන්න ලු ඉන්නේ...එයා හෙන ෆ්රී එකෙ ඉන්න කැමති මනුස්සයෙක්..... අන්තිමේ මගෙ වස්සා ට හොඳ මස්සිනෙකුයි නෑනෙකුයිත් හම්බුනා නෙ.... හැලයාට හරිම සතුටුයි ඔව්ව්ව්ව්ව්ව්.......
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'