" අරකා හිටියනම් ප්ලේස් එකක් අරන් නෙ !"
" ම්ම්ම්... ඔව් තමා "
" තව කල් යයිද මල්ලි උට හොඳ වෙන්න ?"
" යකො මම දොස්තර කියල අයියෙ හිතන් ඉන්නෙ ?"
" දොස්තරගෙ පුතා නෙ "
" අපෙ තාත්තා නෙමෙ උව බලන්නෙ.....හැබැයි උගෙ අක්කා නම් කිව්ව විදියට තව සති දෙක්කින් විතර ඉස්කෝලෙ එන්න පුලුවන් වෙයි.... ඒත් පරිස්සම් කරගන්න වෙනව "
" අක්කා ඩොක්ටර් කෙනෙක්ද ?"
" ම්ම්..තවම නැ... කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි "
" ආහ්හ්.... "
" දැන් තවුසෙ ඔය ප්‍රේම කුරුල්ලා ගැන හිතන්න ඕන වෙලාවක් නෙමෙ නෙ.. බලනවා යාලුවා රිලේ දුවන්න යන්නේ.."
" ඌ දිනනව !!"
මම හිනා වෙලා අහක බලාගත්තා එදා දුවනව දැක්ක හන්දා මටත් ශුවර් මෑන්ස් අපෙ පැත්තට වැඩේ අරන් දෙනවයි කියලා.. අපි හිටියේ ස්පෝට්ස් මීට් එකෙ... සන්තූර් අයියා , අනර්ඝ අයියා , ආඛ්යාන් අයියා තුන්දෙනාම වෙස්ටර්න් බෑන්ඩ් ඉන්න හන්දා ඕපනින් සෙරමනි ගිහින් තමා ආය චේන්ජ් කරන් හවුස් එකට ආවේ... ආඛ්යාන් අයියා නම් කෙලින් ම දුවන්න ම ලෑස්ති වෙලා හිටියෙ...තව ටික්කින් එයාලගෙ ඉවෙන්ට් එක... අනර්ඝ අයියා සංදේශ් අයියා සන්තූර් අයියා එක්ක මම හවුස් එකෙ අයිනකට වෙලා බලාන හිටියේ එයා ගෙ ඉවෙන්ට් එක පටන් ගන්නකම්..... අපෙ හවුස් එක කොළ පාට නිසා ග්‍රීන් කලර් තීම් එකට ඩෙකරේට් කරල තිබ්බා.. මේ හතරදෙනා ඊයෙ ගෙදර යද්දි රෑ දහයත් පහුවෙලා... ඒවා නිසා... කවුරු කෙසේ වෙතත් අනර්ඝ අයියා නම් හිටියෙ නහුතෙටම හෙම්බත් වෙලා ....උගෙ මූණ නිකම් පැන්ඩෙක් ගෙ වගෙ ඇස් වට කලු ගැහිලා ටිකක් හරි හොඳට හිටිය නම් හිටියේ සන්තූර් අයියා විතරයි මොකද සංදේශ් අයියාටත් හිටු කියලා ප්‍රැක්ටිසස් වලට මහන්සි වෙන්න වෙලා තිබ්බේ...මොකද මේක ඉවර වෙච්ච ගමන් බිග් මැච් සීසන් එක පටන් ගන්නවා සංදේශ් අයියා තමා වයිස් කැප් ... අනෙ මන්දන්නෑ මුන් හතර දෙනා හිටියේ වෙලාවක් තිබ්බොත් ඉගනගන්නව සීන් එකෙ..
ආඛ්යාන් අයියලාගෙ සෙට් එක ට්‍රැක් එකෙ තමන්ට අයිති තැන් වල ගිහින් හිටගත්තා දැන් නම් මමත් නිකම් ගැහෙනව ගැහෙනව වගේ... අහසට තිබ්බ වෙඩිල්ලත් එක්ක ස්ටාට් එකෙ දිලේඛ අයියා මේ පාර වැඩේ ගානට ඇද්දා.... ජයෝද් අයියා අතට බැටන් එක යනවත් එක්කම ඊට එහා ට්‍රැක් එකෙ හිටිය එකා ජයෝද් අයියාව පාස් කලා..අනෙක් අයියා ගැන හෝප්ස් තියාගන්න බෑ එදත් ඌ ස්ලෝ වුනා නෙ... ආඛ්යාන් අයියා හිටියේ උකුස්සෙක් වගෙ ඇස් හීන් කරන් කොයි වෙලෙ බැටන් එක අතට ගන්නද කියලා බලාන ....ජයෝද් අයියා අතින් අනෙක් අයියාට ඒක පාස් වෙද්දී ත් දෙවනි තැනට හිටියේ අපෙ හවුස් එක....ආඛ්යාන් අයියා ෆස්ට් එක ට ගේම් එක ගහයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා මම හිතන්නෙ... අර අයියා ආඛ්යාන් අයියා ගෙ දිහාවට දුවගන එද්දිත් එයා හිටියේ අතක් දික් කරන් කකුලකුත් ඒ පැත්තට තියාන..... කෙලින් ම බැටන් එක උදුරලා ගත්තු ආඛ්යාන් අයියා තප්පර ගාණකදි ඔක්කොම පාස් කල්ලා ෆස්ට් එකට ගියා.ත් එක්කම ඉවෙන්ට් එකෙ එන්ඩින් එකට ආවා..
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Kurgu Olmayan'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'