" ඇඳෙන් බැහැපන් කරුණා කරලා .... බලපන්කො මේකේ හැටි... !!!"
" අඩො මේ ෆ්රෙශ් මිල්ක් එකක් තියනවා.. අයියේ තවුසෙ මේක බොන්නෙ නෑ නේ.....ආ? ....නෑ නෑ උඹට මේව හොඳ නෑ..... "
" වත්සුක මල්ලි.... ඕකාට ඉන්න දීපන් සංදේශ් උඹ ඇඳුම් මාරු කල්ලාත් නෑ නෙ ? වොශෲම් ගියාද ?"
" නෑ... "
" මුට සැලකිලි වැඩී අයියේ..... !!!"
අපි සෙට් එක හිටියේ හොස්පිට්ල් එක මගුල් ගෙයක් ගානට දාලා.... සංදේශ් අයියාගෙ ඇඳ ගාව තිබ්බ කබඩ් එකේ කෑල්ලක් පුරවලා ම කෑම බීම...පලතුරු එකේක ජාති.... මම දැන් ටික්කට කලිමුත් ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි කෙහෙල් ගෙඩි දෙක්කුයි කෑවා....
කන්නද මහත්තයෝ අපට බැරි !!!!
මම හිටියේ සංදේශ් අයියගෙම ඇඳේ කොනක ඉඳගන... වත්සුක එහා කොනේ ඉඳගන... සන්තූර් අයියායි ආඛ්යාන් අයියා යි අනර්ඝ අයියා යි තුන්දෙනා එයාලගෙ හොර මිනිහා ට වුණු හදිසි අනතුර ගැන විස්සෝපෙන් හරිම කණගාටුවට පත්වෙලා ඕනඑපාකම් ඉටු කරල දෙනවා.... ඔය දැන් ඇඳෙන් බහින්නය අරව මෙව්ව් කිය කිය ඤරු ඤුරු ගෑවේ අනර්ඝ අයියා.... මම හැලයා එක්කලා සතුටින් ඉන්නවා මුට පේන්න බැයිද කොහෙද
ඉරිසියාකාර හිවලා.....
දැන් සංදේශ් අයියා හොස්පිට්ල් ඉඳලා සති දෙකකට ත් වැඩී... ඉස්කෝලෙ සේරම හත්තිලව් ඉවර උනාට පස්සේ ආයම ඇකඩමික් අංක එක කියලා වැඩ පටන් ගත්තා..... ඒත් ඉතින් මැච් එකෙ උණුහුම නම් තාම ගිහින් නෑ... සංදේශ් අයියා තනි අතින් හයක් ගහලා ග්රව්න්ඩ් එක මැද්දෙ දණගැස්සෙන එක හැමතැනම සෝශල් මීඩියා වල වයිරල් වෙලා... මේකා ව දෙවැනි ඉනිමෙ අනුහස් ගෙ මී මුනුපුරාට වත් රඟපාන්න ගනීද දන්නෑ.... දැන් නම් හුඟක් දුරට සංදේශ් අයියාට හොඳයි....හැබැයි තාම කකුල් පල්ලැට දාලා අඩියක් වත් තියන්න නම් බෑ.... අපි ඉඳලා හිටලා ආවට සංදේශ් අයියා ඉන්ජර්ඩ් උනත් හරි උගෙ හොර මිනිහො තුන්දෙනා නම් නෑවිත් හිටිය දවසක් නෑ මගෙ හිතේ... දැන් හොස්පිට්ල් එකෙ හැමෝම දන්නව මුං හතරදෙනාව.. ඇයි මාවත් දන්නවා... අපෙ තාත්ති මෙහෙ නෙ වැඩ කරන්නේ.... සයුන්දී අක්කා ත් ඊයෙ පෙරේදා දවසක ආවා එයාට නම් පාලුයි ලු ගෙදර....එයා හදන කෑම වලට මැරෙනවද නැද්ද බලන්න ටෙස්ට් කරන්න දැන් කවුරුවක්වත් නෑ කිව්වෙ....

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Nonfiksi" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"