" උට නින්ද ගිහින් ඇරවන්නෙපා... "
" පිස්සුද රිෂ්... මූ උදේ පාන්දර හතර ට ආව පාර මේ !! හිස් බඩ ඉඳලා මූ ට කලන්තෙ අල්ලාවි"
" ඕකා ඇහැරුනත් ආය නිදාගන්න එක නෙ...ආකි... "
" ඉඳපන්කෝ...!!"
ලා නින්දෙන් මට දෙන්නෙක් කතාවෙනව ඇහුනට මං ඉන්නෙ කොහෙද කියලවත් මට සිහියක් තිබ්බෙ නෑ... ඇස් වහගනම මම ට්‍රයි කළේ හිත එකතැනකට අරන් කොහෙද ඉන්නෙ මොනවද වෙන්නෙ කියල මොලේට ප්‍රෝසෙස් කරගන්න..ඒත් ඉතින් හරිත මණ්ඩුකයා වත්සුකය ගෙ කළුකුමාර පෙරේතයා එක්ක කතාකරන ටින් කිරි ටකරං වොයිස් එකෙන් ම මට මීටර් කරගන්න පුලුවන් මම ඉන්නෙ උන් ඉන්න තැනක..! ( එහෙම වෙන්නෙපැයි ඉතින්.නැතුව උන් ගෙ හොල්මන් ඇවිත් මෙතන කියවන්න යැ )
මම ලාවට ඇස් අරිද්දී ඒ සී බස් එකෙ කළු වීදුරුවෙන් මෑත් කරපු කර්ට්න් එක අස්සෙන් ඉර පායලා තියනවා දැක්කා... අපි ඉන්නෙ කොයිහරියෙද කියල මම දන්නෙත් නෑ මම ආය ම ඔලුව දෙපැත්තට ගසලා හරි සිහියට එද්දි මෙන්න මණ්ඩුකයෙක් පෙරේතයෙක් එක්ක පාන්දරින් පිපුණ සූරියකාන්ත මලක් දිහා බලන් ඉන්නවා !!!
" මොකද ? මොකද කන්න වගෙ බලන්නෙ..මළයි කියල හිතුවද ?" මම ඉන්න පොසිශන් එක වෙනස් නොකරම ඩබල දිහා ඔරවලා බලද්දී ආඛ්යාන් අයියා ජනේලෙන් පිට බලාගත්තා.. මට මුගෙ ඇස් දෙක මතක නෑ මොකද ඌ කවදාවය්හ් මූණ දීලා කතා කරන එකෙක් නෙමෙ නෙ ..මූණ නෙමෙ පුක දීලා කතා කළත් මට මොකො....
" අපො..මල්ලි මොනා කියනවද මන්දා... කට්ටිය බ්රෙක්වස්ට් ගත්තා... ඔයාව ඇහැරුවෙ නෑ අපි ..... දැන් හොඳද කැරකිල්ල ගතිය?"
" ම්ම්ම්න්"
බලන්නකො මෙයාලා කොච්චර හොඳද අනෙ.... මම කලින් කියපුවා ඉල්ලා අස් කරගන්න ඕන..
" ආ මේ ඔයාගෙ එක...අපි තියාගත්තා.."
" තෑන්ක්ස්..... අපි දැන් කොහෙද ඉන්නෙ....තව ගොඩක් දුරද.."
" ඉන්නෙ වරකාපොළ....තව ටිකක් දුරයි මල්ලී..... "
" හම්ම්ම්....අයියේ කෝ වත්සුක.."
" ඌ ඉස්සරහා... "
මම අනර්ඝ අයියා අතට දුන්නු බ්‍රවුන් පේපර් බෑග් එක ඇරලා තියෙන්නෙ මොනාද බැලුවා...ම්ම්ම්ම් සැන්ඩ්විච් එකයි කට්ලට් එකයි පේස්ට්‍රි එකයි ඉක්ලෙයාර් එකයි.....අඩෙ මරු නෙ..... මම අනර්ඝ අයියා දිහාවට ලස්සනම ලස්සන හිනාවක් දමලා බෑග් එක අස්සට අත දමාන සැන්ඩ්විච් එක එළියට අරන් ජනෙලෙන් එළිය බලාන හපන්න ගත්තා... වත්සුක ලා ඩිලන් අයියලාගෙ ෆෝන් වල මොකද්දො වීඩියෝ එකක් බලනව.. නොදරුවාට බ්ලූ ෆිල්ම්ස් පෙන්නලා මනස දූෂනේ කරනවද දන්නෑ මහ හැත්ත බුරුත්ත එක්කාහු වෙලා....කියන්න බෑ නෙ පියානෝ ටෝක්ස් දුන්නට අපි නෙ දන්නේ චරිත සහතික ගැන..... ඒත් ඉතින් වුගෙ අමුතුවෙන් දූෂනෙ වෙන්න දෙයක් මනසෙ ඉතුරු වෙලත් නෑ අතකින් බැලුවාම.....අනර්ඝ අයියා වත්සුක ඉන්න දිහාට ගියා... අමො මූත් අපේ එකා ඉන්න දිහාවට ඇදිලා යන්නෙ නිකම් කාන්දම වගේ..... මම ආයම ජනෙලෙන් එළීය බලාගත්තා..

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
No Ficción" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"