" තාත්තේ..... කැරකිල්ල වගෙ නෙ..."
" දැන් ම නැගිටින්නෙපා සුදු පුතා ....ඔහොම ම ඉඳගන ඉන්න හරිද.... අම්මා ආවම වැඩිය කතා කරන්න යන්නෙපා.. "
" තාත්තේ මන් මීමින්නෙක් උනොත් තාත්තා මට ආදරේ කරනවද.....?"
" මම මීමින්නෙක් නොවි මගෙ ළමයා මීමින්නෙක් වෙන්නෙ කොහොමද බං.... කට සද්ද නොකර ඉන්නකො.... අහ්...අන්න ..අන්න අම්ම එනව.....තාත්තා කිව්ව විදියට ඉන්න හරිද....."
හරි!!! මට...දැන් කොහෙත්ම එක අම්මෙක් පේන්නෙ නම් නෑ..මට අම්මලා හතරක් විතර පෙනුනා.... මදෑ තාත්තා ගෙ පුතා උනාම තාත්තා වගේ ඉන්න ඕන කියල කිව්වා... !!! මටත් ඕන නැති රෙද්දක් නෑ බලාන ගිහාම..... නෑ නෑ රෙද්දක් නෙමෙ...මේකෙ චූටි ලල් එකක් තියනවා... තාත්තා ගත්තු ටකීලා ශොට් එකෙන් තුන හතරක් දාගත්තා විතරයි මට තරු පේන්න ගත්තා....මන් තාමත් ඉන්නෙ හඳේ... !!! මම අභ්‍යවකාශ ගත වෙලා ඉන්නෙ දැන්...අනෙ ....මගෙ රත්තරං අම්මා ලස්සන තරුවක්...බලන්නකො දිලිසෙනවා..
දිලි දිලි දිලීසේවි මා දෑසේ ආ~ලෝකේඒඒඒ~
අම්මා ව කොල්ලො ටෝක් කරයිද දන්නෑ මේකෙ ඉන්න....නැතිවෙයි නේ...අම්මගෙ පුතා ත් කෙල්ලො ටෝක් කරන වයසක ඉන්දැද්දී අම්මව කොහොමද එහෙම ටෝක් කරන්නෙ.... අම්මා තාත්තගෙනෙ... ඒ උනාට ඒ දෙන්නට රත්තරං පුතාව අමතක වෙලා ද කොහෙද..අම්මාට තාත්තා දැක්කාම මන් ඉන්නව කියල වගේ වගක් නෑ නෙ... තාත්තටත් එච්චර තමා.අම්මා සරුවපිත්තල තොරොම්බල් කෑලි ටිකක් එල්ලන් පාට ගවුමක් ඇඳල මුතූ කියද්දි ඉතින් තාත්තාට මාව කොහෙ මතක් වෙන්නද... අනෙ අනෙ...අර මුතූ නෙමෙ...මේ අපේ මුතූ....දි මුතූ~.... තුජෙ දේකා තෝයෙ ජානා සනම්....ටයිප් එකට අම්මා එද්දී තාත්තා මාව ගණන් ගන්නෙ නැතුව ම අහක් කලා නේද ...!! ඒකනෙ.ඒකනෙ මම මීමීන්නෙක් උනොත් තාත්තගෙ දරුව නෙමෙ කිව්වෙ.... මොනා උනත් දරුවගෙ හිත රිද්දපු එක වැරදී...
" තාත්තලා පුතාලා එකතු වෙලා අම්මව කැපුවා නේද ?"
අම්මා අපි ගාවට ඇවිත් තාත්තට එහා පැත්තේ කවුච් එකෙ ඉඳගනිද්දි මම ශේපෙට අහක බලාගත්තා...මාට්ටු උනොත් බත් කාඩ් එකත් කැපිලා යන වැඩ ඔව්වා.තාත්තට නම් පිටින් හරි කන්න පුලුවන්..මට සල්ලි තියනව කියලයැ....

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"