" අතෑරපන් බෙල්ල...ආඅහ්හ්හ්හ්හ්!!! හු#තා... අතෑරපන් මාව.....මෙන්න මිනී මරනෝ...ක් ..කැහ් කැහ්හ්හ්හ්....ආහ්... කුණකටුව අහකට වෙයන්.. "
" සයන්ස් පොත දීපන් මං යන්නම් "
" අයියෝ....ඒක පස්සෙ දෙන්නම්..." එදා කවිය ලියපු පොත මන් පස්සෙන්දා ඉස්සුවනෙ...ඒක වස්සුකේ ට මාට්ටු උනා.... අනේහ්....මේ අසරණ ගැත්තාව බේරගන්න දෙයියනේ.... නර පණුවාට සමාව දෙන සේක්වා.....
" කොහෙ ගන්නලා ද මන්ද රෙද්ද... !!" මූ දාගන පොත හොයනව...පව් කියලත්භිතෙනව අනේ...පව් කියල මරන්නද....බෑ නෙ... අපි ගැරඬි මරන ජාතියෙ වුන් නෙමේ. මම පපුවට අත තියලා බොරු කැස්සක් දැම්ම..
" ආහ්.. කතා කරන්න අමාරුයි... ඌහ්..."
මූ ඔක්කොම දමලා මං ගාවට අඩියට දෙකට ඇවිත් මගෙ පපුවේ අත තිව්ව....අද නම් මාට්ටු වෙනව ලොවෙත්....
" ආහහ්.. රෙද්ද අස්සෙ හංගගත්තද.? මන් තෝ ව හෙලුකුට්ටෙන් තියන්න කලින් දීපන් මෙහෙට.....නැත්තම් මන් ශර්ට් එක ගලෝනව උඹෙ හරිද සීදේවි... මාව නරක කිඹුලා කරගන්නෙපා "
" ඇපො...ඉදපන්...ආව මෙතන බුකු බුකු ගාගන ...!! " මම ශර්ට් එකෙ ඉස්සර බොත්තම් දෙක ගලවනවත් එක්ක ම සන්තූර් අයියායි අනර්ඝ අයියායි ආවා...
" අඩො මල්ලි.....මේ මෙතන ඔව්ව කරන්න තියාගන්නෙපා අපිටත් නූල් බඳින්න වෙන්නෙ ..." සන්තූර් අයියා හිනා වේගෙන පන්තියෙ කොට බැම්මට හේත්තු උනා..දැන් ඉතින් මෙතන පොත දෙන්න ගත්තොත් වැඩේ කොහොමත් මාට්ටු වෙනව.. ඒ වගෙද අර සින්දු කෑල්ල ? හම්මොහ්..කවුද දන්නෑ මේ අපට ගොං ආතල් සපයන අසහනකාරයා... එනව නම් මූණට මූණ හැප්පෙන්න එන්නෝන මූණට මූණ.....
මම ආයම බොත්තම් ටික දාගන්න යද්දිම වස්සුකේ මගෙ ශර්ට් එකෙන් ඇදල අරන් ඌම බොත්තම් සේරම ගලවද්දී අනර්ඝ අයියාගෙ ඇස් දෙක තිබ්බෙ නළලෙ..
" ඔ ඕ..."
සන්තූර් අයියා අහක බලාගනිද්දි අනර්ඝ අයියා රැව්වා....මේ ගැණු මිනිහො හන්දා අපටත් වසන්න රටක් නැතුව යනව....
" එහ් චිප්....බැනියම ගලවන්නෙපා... නිර්වස්ත්ර කරන්නද හදන්නෙ "
" අස්සෙන් අත දානවට වඩා ගලවල දාන එක හොඳයිනෙ ?"

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"