නිවාඩුවකින් පස්සෙ ඉස්කෝලෙ පටන් ගන්නවා කියන්නේ ආයම හිර වෙනවා කියනෙක.... මම නම් හිර වුනේ නෑ හැබැයි වත්සුකයා නම් හිර වෙන්න ඕන හොඳම එකෙන් හිර වුනේ....හරියට ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ... ගිය ටිකේ ම ක්ලබ්ස් වලින් ඕගනයිස් කරපු එක එක ඉවෙන්ට්ස් වලට ගිහින් වත්සුකානෝ හිටියේ බාගෙට මැරිලා. බිග් මැච් එකට ත් තව ටික දවසයි .... උත්තම මඬුල්ලෙ එකෙක් ඇහැට පේන්න නෑ....හැබැයි අනර්ඝ කාරයා නම් නොවරදවා ම අපෙ පන්ති පැත්තේ ආවා....උට එහෙම එන්න මොකක් ම හරි හේතුවකුත් තිබ්බ එක තමා ලස්සනම කතාව... හෙට බිග් මැච් එකෙ ඔෆීශියල් ඉවෙන්ට් එකක් ලෙ ග්‍රෑන්ඩ් එකෙ... ඊට පස්සෙ පෙරඩ් එක... ඒකෙන් පස්සෙ මැච් එක.... මේ ටිකේම පීරියඩ් හුඟක් ෆ්‍රී... සමහර සර් ලා ඕගනයිසින් කමිටි වැටිලා තවත් සමහර මිස් ලා ස්පොන්සර්ශිප්ස් වල වැඩ වලට ගිහින්... අපි හුඟක් වෙලාවට හිටියෙ එක්කො ලයිබ්‍රියෙ නැත්තම් ඔය කොහෙ හරි මුල්ලක....පේන්න ඉන්නත් බෑ නිකම් ඉන්නව දැක්කොත් අපිවත් ඔය පවුකාර වැඩකට අල්ලගන්නවනේ...
" මේ ජීවිතේ පුදුම දුකක් විවේදයො... "
හිස්ට්‍රි මිස් යන්නත් කලින් පොත වහලා හිටිය වත්සුක එහෙම කිව්වෙ කටේ තිබ්බ පෑන් ක්ලිප්ප කටේ තියෙද්දිම පෑනට ගහන ගමන්...
" අනේ ද කියන්නෙ ......ඉක්මනට යාලු වෙන එකෙක් එක්ක යාලු වෙයන්..නැත්තම් ඔය තරුණ ජීවිතේ අපරාදේ "
" උඹ ට නැති ප්‍රේම ජීවිතයක් මම විඳල වැඩක් නෑ මගෙ සීදේවී....අපි දෙන්න බඳිමුද "
" ඉන්න එක වත් තෝ සෙට් කරගන්නෑයි කියල මම ඒවට පලි නෑ හරිද වස්සුකේ "
" මට කොහෙද යකො කෑල්ලක් ලයින් උනෙ ?"
" තෝ දන්නෑ වගේ රඟපානවද නැත්තම් සිරාවටම දන්නැද්ද....?"
" කියන හත්තිලව්වක් තේරෙන්න කියපන් සීදේවී මගෙ යකා අවුස්සගන්නෙ නැතුව!!"
" අහපන්කො... මේ සිරාවටමයි කියන්නේ....ජෝක් නෙමෙ හරිද "
" මොකද්ද ඉතින් "
පන්තියේ ඉන්න දෙතුන්දෙනාට ඇහෙන්නෙ නැතිවෙන්න මම ඉඳගන හිටිය යකඩ පුටුව ටිකක් වත්සුක ඉන්න දිහාවට ඇදගනිද්ද්දි ඌ මන් දිහා සැක සහිත ස්කෑනින් බැල්මට් එකක් දැම්මා.. මූ නම් වස්සෙක්ම තමා...

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"