39

112 15 17
                                    

" අම්මා තාත්තා තාම ආවෙ නැද්ද ?"

" එයි පුතා ඊයෙ තියටර් නෙ තාම තියටර් එකේ ද දන්නෑ "

" ම්ම්ම් "

උදේ ම පාඩම් කරන්න නැගිට්ටාට මම කාමරෙන් එළීයට බැස්සේ හය හමාරට විතර... නිවාඩු දවස නිසා අද අම්මා නැගිටින්නේ හයට නැත්තම් ඉස්කෝලෙ යන්න පහට නැගිටින්නෙපැයි . අම්මත් පැයක් හරි වැඩිපුර නිදාගන්නේ මේ දවස් දෙක විතරක් නිසා මම  උදේ ම නැගිට්ටට කාමරේම ඉන්නවා නැත්තම් එයා ඇහැරෙනව මට තේ හදන්න ...

මම ගෑස් කුකර් එක උඩ රත් වෙන්න තියලා තිබ්බ ෆ්‍රෙශ් මිල්ක් එක බාලා මගෙ පෝසිලේන්  කප් එකට දාන් ඒකට උඩින් සීරියල් හලාගත්තා

" ඕවා කෑවට කමන්නෑ බත් කන්නෝන හරිද ?"

" හා හා අනෙ "

මේ සීරියල් එක මරු....  ඒකෙ ඉන්නවා එක එක සත්තු ජාති.. කිරි එකේ පෙඟිලා ටික වෙලාවක් ගිහාම ඒවා ලොකු වෙනවා... මම උන් කන්නෙ පිළිවෙලට... මම ඇවිත් සීරියල් එකට වුණත් සාධාරණව සලකන මනුස්සයෙක් !  මුලින් ම එක සත්තු ජාතියක් කාලා ඉවර වෙලා තමා අනිත් ජාතියට යන්නෙ....

" ඔයා උදේම නැගිට්ටද සුදු පුතා ?"

" ඔව් අම්මා ලබන සතියෙ සෝනල් එකෙන් යුනිට් ටෙස්ට් වගයක් තියනව කිව්වා... ඒ නිසා හිස්ට්‍රි ටිකක් බලාගත්තා "

" අහ්... මට ඒක කියන්න බැරිවුණානෙ ...අපටත් ඊයෙ තමා ආරංචිය ආවෙ "

" ඇපො... ඒක විතරනෙ අමතක වුනේ කියන්න...."

අම්මා එළෝලු කපන එක නවත්තලා පිටිපස්ස හැරිලා මා දිහාවෙ බලලා හිනා වුණා.... මමත් කටෙන් එකක් සීරියල් පුරෝගන මගේ වසී වෙන හිනාවෙන් අම්මට සංග්‍රහ කළා.

" පුතා.... "

" ම්ම්ම්....?"

" අර දරුවා ව හමුවුනේ නැද්ද ?"

"  මොන ? වත්සුක ද ?"

" නෑ දරුවො... අර දක්ශිමා එකේ දරුවා ?"

" අහ්හ්හ් ආඛ්‍යාන් අයියා ?"

" අන්න ඒ ළමයා... "

" ඇයි එයා ?"

" ගිය ටිකේම යාලුවො ටික එකතු වෙලා රවුම් ගහලා ගහල දැන් තරහ වෙලාද ? "

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now