" ආ ඔයාට ?"
" ඔයා පූජා කරන්නකො..."
ආඛ්යාන් අයියා එයාගෙ අතේ තිබ්බ රතු නෙළුම් මල් පොකුරෙත් නැටි ටික කඩලා මට දුන්නා .
අපි හිටියේ පන්සල් ඇවිත් අද උදේන්ම කිරිඅත්තම්මලා චූටි මාමලා එක්ක වැලිගම ගියා ..අම්මාත් ගියා තාත්තා නම් වැඩට ගියා මම ඉතින් හවසට එන්නම් කියලා ආඛ්යාන් අයියා එක්ක එහෙ යන්නම් කිව්වම අම්මත් තනියම ගෙදෙට්ට වෙලා ඉන්නවට වඩා ඒක හොඳයි කියලා හා කිව්වා..
ඊයේ පන්සල් යනවා කිව්ව නිසා මම සුදු ශර්ට් එකක් ඇඳන් ම ආවා....ආඛ්යාන් අයියාත් බේජ් කලර් ට්රවුසර් එක්කට අත් දිග සුදු ලිනන් එකක් ඇඳලා අත් නමලා ඇවිත් හිටියා..
අද පෝය නිසා හුඟක් සෙනග.....
මම මල් ටික සේරම එක තැනක පිළිවෙළට හදලා සඳකඩපහණෙන් මෙහාට කකුල තියලා එතනම බෝමළුවේ සෙනඟ නැති තැනක් බලලා ඉඳගත්තාම ආඛ්යාන් අයියාත් ඇවිත් මට එහායින් වාඩි වුණා.....
අපි දෙන්නාම හිමීට ගාථා කියලා ඇස් පියාගන බෝමළුවේ හෙවනට වෙලා හිටියා.. මෙතන හරි සැනසීමයි... සැහැල්ලුයි... බලන් ඉන්න ඉන්න යන්න හිතෙන්නෙ නැති තරමට සන්සුන්... ආඛ්යාන් අයියා වැඳලා ඉවරවෙලා මා දිහාවෙ බලලා හිනා වුණා.
" කාලෙකින් මම පන්සල් ආවෙ.. තැන්ක් යූ නෙමෙයි....ගොඩාක් පින්.....!"
"මමත් ආවෙ කාලෙකින් බෝසිළු ... නන්ගිගෙ හත්දවසේ පිංකමට පස්සෙ ආය ආවේ නෑ...."
"ම්ම්න්...හිතට මාර සැහැල්ලුයි...."
" බෝසිළුවක් මම ගාව ඉන්න නිසා මගෙ හිත නම් හැමදාම සැහැල්ලුයි ඉතින්..." ආඛ්යාන් අයියා එහෙම කියලා මා දිහාවෙ හිනා වෙලා බලලා බෝ පත් අතරෙන් එයාගේ මූණට වැටෙන ඉර එළියට දිගැටි ඇස් හීනි කරගත්තා .....
මම හිනා වෙලාම ආයම මළුව දිහා බලන් උන්නේ හුළඟට නිවෙන ගානෙ පහන් පත්තු කරන අවුරුදු දහයක දොළහක ළමයෙක් මගෙ ඇස් වලට අහුවුණ නිසා...
" ඔයා අද වෙනදට වඩා හරි ෆ්රීලි මම එක්ක කතාකරනව වගේ මට තේරෙනව "
"ම්ම්න්.. මම මේ දවස් ටිකේම හුඟක් කල්පනා කළා .... මම ගන්න තීරණ වලින් මට වගේම මගෙ වටේපිටේ ඉන්න අයට නරකක් වෙනවනම් මම කවදාවත් ඒ වගේ තීරණයක් ගන්නෙ නෑ ..... ඉතින් මට හිතුනා හිත සැහැල්ලු කරගන්න පන්සලට ටිකක් එන්න... ඉතින් ඔයාත් එක්කන් එන්න හිතුනා...."

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"