මුහුදු රැළි එක පිට එක වෙරළේ හැපෙනවා . ඊටත් දැන් දැන් ලා දම් පාටයි තැඹිලි පාටයි මිශ්ර වුණු අහසේ තරු එක දෙක මතුවෙන්න අරන් තියෙද්දිත් , මුහුදු හුළඟට ඇඟ ඇස් සනීපෙට පියවෙන්න එද්දිත් ආයම වෙරළ හෝදගන ආව රැල්ලක් මගේ කකුල් වල වැදිලා බිඳිලා ගියා..
මේ ලෝකෙ කොච්චර ලස්සනයිද ....
හරියටම තව මාසෙකින් අපි මේ වෙලාවට මේ රටෙන් තාවකාලිකව වෙන් වෙනවා. ඒත් මේ ගෙවෙන තප්පරෙත් ඒ සේරම අමතක කරලා මම මේ මොහොත විඳින්නයි ආස...
මට එහායින් ආඛ්යාන් අයියාගෙ දකුණු කකුලේ මගෙ අතින් හදල මගෙ අතින් ම බැන්ද ඇන්ක්ලට් එක මුහුදු වතුරෙන් තෙමාගන යනවා මම ඇස් කොණින් දැක්කා...
" කීයෙ ඉඳන් ද බෝසිළු මේ... ? මෙහෙම්ම වතුරට පනිමුද අපි?"
" බෑ බෑ මම නාන්න ආස නෑ "
" අපෙ අම්මෝ..පිළිගත්ත එකම ලොකු දෙයක්"
" කක්කුට්ටා....ඉඳපම් අද මන් කරන්නම් හොඳ වැඩක් !" මම අතට අහුවුණ තෙත වැලි මිටෙන් ආඛ්යාන් අයියාට දමල ගැහුවා..
" මේ බෝසිළු.. ඔහොම්ම ගමනක් යන්ද ?"
" බලනවකො හලො අපි දෙන්න සත්තු දෙන්නෙක් වගේ මෙහෙම කොහෙ යන්නද ?"
" දෙහිවල ට යං... මම ජාතික අරමුදලක් කියල හිතාන ඔයාව සූ එකට දීල එන්නද...රට වෙනුවෙන් නෙ බෝසිළු "
"තොට මාව හොඳ වැඩී...!!! මැටි කිඹුලා..."
" නෑ මේ...සිරාවටම ....අපි යමුද ගමනක් ?"
" කොහේ ?"
" යන්ද කියන්නකො "
" අනේ අයියේ හොටෙල් වලට නම් යන්න බෑ අපිට තව කල් තියනවනෙ " මම කෙල්ලෙක්ගෙ ටෝන් එක්කින් එහෙම කරද්දී ආඛ්යාන් අයියා ඇස් ලොකු කරගත්ත
" උඹ කොහොමද දන්නෙ හොටෙල් එක්කට යනව කියල ?"
" හෙහෙ...සිරාවටමද ?"
" ඔව්... ඇඳුම් අවුලක් කරගන්නෙපා... මගෙ තැනකට යන්නෙ.."
ශික්...ඇයි යකෝ කට හැමවෙලෙම මම යාලුවෙලා ඉන්න මනුස්සයා ට ඇති වෙන්න සල්ලි යි හොටෙලුයි තියනව කියල අමතක වෙන්නේ..?

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"