" චෙස් ඉවෙන්ට්ස් ටික ඉවර උනාම ග්රවුන්ඩ් එකට වරෙං... !!"
" හා හා ..."
" වරෙං හරිද "
" හරි අනෙ පලයන්කො මට කියලා *&%&නේ නැතුව "
මුට මාව ග්රවුන්ඩ් ගෙන්නගන්න පුදුම උනන්දුවක් තියෙන්නේ....ස්පෝට්ස් මීට් වල ඉවෙන්ට්ස් පටන් ගත්තේ පෙරේදා...මේ වෙද්දි අපේ හවුස් එක ඉන්නෙ තුන් වෙනියට.... වත්සුක අද හාරසීය දුවනවා... මාව ගෙන්නගන්න දහාතේ පොරොන්දු අරන් ඔය යන්නේ..
මම හිටියේ ප්ලේ කරන්න නෙමෙ...කෝඩිනේටින්ග්... අපේ ඒජ් කැටගරියෙ ඒවා තියෙන්නේ අන්තිමේ....ඔන්න ඉතින් මේවා හන්දා අපි නිදහස් පිශාචයො වගෙ ඉස්කෝලෙ හැම තැනම කරක් ගහනවා... මම එක්ක චිතේර ත් නැවතුනා.. සමහර විට අද හවසත් ඉස්කෝලෙ නතර වෙන්න ඉඩ තියන නිසා මම අම්මාට කිව්වා බස් එකේ එන්නම් කියලා.....මේ මහපගයො හරියට කියන්නෑ නෙ ඉවර වෙන වෙලාවක්... ළඟ තිබ්බ අන්දර වැටේ අතු කෑල්ලක් රූටලා කොළ අහුරක් අතට ගත්තු මම ආයම වැට උඩට කොළ ටික දැම්මා...
බලන් යද්දි මේ පොඩිවුන්ගෙ බලන්න දේකුත් නෑ.... !!!
මම බලාන පොඩි උන් දෙන්නෙක් තකට තක ප්ලේ කරනවා.... මේව බලන් ඉන්න කම්මැලි....මම ශේප් එකෙ ටක් ටක් ගාලා කොළ ටිකේ නම් ලියලා මාර්ක්ස් පුරවලා යන්තම් ඉවරවෙද්දී දෙකට දහයයි.... දැන් ඉතින් හොර මිනිහව බලන්න යන්නෙපැයි!!!
චිතේර සේරම මාක් ශීට් ටික ක්ලියර් ෆයිල් එකක පිළිවෙලට දාගන පඩි දෙකක් ඇර දෙකක් පැන්නා...
මුන් සේරෝටම ලහිය
ග්රවුන්ඩ් එකට එනකම් පයින් ගගහා ආව කල් කැටේ කානුවකට වැටෙද්දී චිතේර කටකොනින් හිනා වෙලා ඇස් වලින් මට ග්රවුන්ඩ් එක පෙන්නුවා... ඕකට ගියා කියලා අපිට වෙන හොඳක් නෑනෙ...ඒක නිසා මමත් පුලුවන් තරම් ගමන බාල කලා...ඇයි යකො මුන් දුවනව බලන්න මුන් හිතුවද දන්නෑ අපි අස්සයොන්ට ඔට්ටු අල්ලන කැසිනෝ කාරයො කියල.... ඈත තියාම අපි එනවා දැක්ක සන්තූර් අයියා කාටදො වැලමිටෙන් ඇනලා අපිව පෙන්නුවා.
අප්පද බොල මල්කාන්ති කිව්වලු....!! ආඛ්යාන් අයියා..... කොට ටයිට් ශෝට් එකයි ආම් කට් වෙස්ට් එකයි ඇඳලා වෝම් අප් කරනව.....

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"