42

86 10 6
                                    

" ට්‍රීං ........"

හතර වෙනි වතාවටත් ඇහුණු එලාර්ම් එකේ සද්දෙට මම පාඩම් මේසෙ උඩම ගැස්සිලා ඇහැරුණා.....

අඩ අඳුරේම අතපත ගාලා ෆෝන් එක හොයාගත්තු මම ඇස් අඩවල් කරගන ස්ක්‍රීන් එක දිහා බැලුවේ ඇස් දෙක සැර එළියට හුරු නැති නිසා...

' moonie 🌙 '

එලාර්ම් එක නෙමෙයි...කෝල් එකක්...

" හෙලෝ?"

" බෝසිළු wake up! තුන හමාරයි වෙලාව..."

" ම්ම්ම්හ්...!"

" කෝ කෝ.. නැගිටින්න.... "

" ම්ම්ම්ම්"

" මම වාහනේ අරන් එන්නද ඔයා නැගිටිනවද ?"

" නැගිටින්නම් අනේ....හු*ත "

" කට කඩනවා මම !"

" ඇඤ්ඤේ..යැයි යැයි තමා..."

මම ශීට් එක ඇඟෙන් අයින් කරලා කකුල් දෙක ඇඳෙන් බිමට දැම්මා..

" යූ ඕල්‍ රයිට්?"

" යාහ්හ්හ්හ් .."

" හරි දැන් වැඩ කරන්න... මම හවසට ඔයාට බඩුවක් ගේනව "

" මට ඔයා විතරක් ඇති අයියේ....මම එහෙම ජාතියෙ මනුස්සයෙක් නෙමේ "

" කුණුහරුප අහගන්නෙ නැතුව පාඩම් කරනවා බෝසිළු!"

" හරි හරි අනේ.... හවසට අර ' බඩ්ඩ ' ගේන්න ඈ "

" හ්ම්ම් බායි "

" බායී"

මම වොශෲම් එකට ගිහින් ශවර් එක ඇරලා ඒ යට චුට්ටක් ඉඳගත්තා....සීතල වතුර පාර ඔලුව නාවගන ගියාමයි මගෙ නිදිමත ඇරිලා ගියේ.....

එක්සෑම් එකට තියෙන්නේ තව සති එකහමාරයි .... පෙරේද ආඛ්‍යාන් අයියාගෙ බර්ත්ඩේ එක තිබ්බා.. මම හම්බ කරන්නෙ නැති හන්දා මුකුත් දෙන්න එපා කියලා ඒකා තොවිලයක් නටන්න ගිය හන්දා මම මගෙ අතින් හදපු කාඩ් එකකුයි මගේ පිච්ච පැලෙන් අමාරුවෙන් බෝ කරගත්තූ සුවඳ මල් පිපෙන මෝග්‍රා පැලයක් තෑගි දුන්නා...එයා ඒක තියාගන ඉන්නේ එයාගෙ කොරිඩෝ එකේ...එතනට හොඳට අව්ව වැටෙනවා...

මේ දවස් වල මට තරම් නින්ද යන්නෙ නැතුව ඇති කුම්භකර්ණයාටවත් මගෙ හිතේ...එච්චරට නිදිමතයි.....වැටෙන තැන නින්ද යනවා... ආඛ්‍යාන් අයියා නම් කියන්නේ මම ස්ට්‍රෙස් වෙලාලු ඉන්නේ..ඒ වුණාට මට එහෙම ඔලුව අවුල් ගතියක් දැනෙන්නෙත් නෑ...අනේ මන්දා...එලාර්ම් එකට වත් මගෙ නින්ද කන්ට්‍රෝල් කරගන්න බැරි හන්දා ආඛ්‍යාන් අයියා තමා කෝල් කරල මාව ඇහැරවන්නේ උදේට පාඩම් කරන්න....දැන් අපට ස්ටඩී ලීව් නිසා ගෙදර ඉඳන් පාඩම් කරන්නේ...අම්මයි තාත්තායි වැඩට යන හන්දා දවල් වරුව මම තනියම .... ඒත් තනියක් නෑ මම චිල් එකේ පාඩම් කරනව ... ඉඳල හිටලා සද්දෙට සින්දුවක් දාගන තනියම නටනවා....හිතුන ගමන් මොනාහරි හදාගන කනවා...

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now